Colombo Today Local News

මැතිවරණයෙන් ජය ගත්තට පස්සේ සිරිකොත වගකීම බාර ගන්නවා- සජිත්

මහ මැතිවරණය ජයග්‍රහණය කිරිමෙන් පසු තම රජය යටතේ සෑම පවුලකටම රුපියල් 20,000ක දිමනාවක් ලබා දෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පවසන්නේ බිඳවැටී ඇති ආර්ථිකය යළි නඟාසිටුවන තෙක් අදාළ දිමනාව ලබාදීමට කටයුතු කරන බවය.

ගම්පහ ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගය ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයෙදී තමන්ට රැස්වීම් 154ක් පැවැත්වීමට හැකි වු බවත් මෙවර මහ මැතිවරණයෙ දී තමන් රැස්වීම් 1000ක් පවත්වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් සමග රැස්වීම් තරඟයක් පැවැත්වීමට අනෙක් නායකයන්ට අභියෝගය කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

තම පක්ෂය මැතිවරණයෙන් ජය ගන්නා අතර ඉන් පසු නව රජයක් පිහිටුවා ජනතාවගේ වගකීම් තමන් බාර ගනිමින් සිරිකොත වගකීමක් තමන් සතු කර ගන්නා බව ඔහු වැඩිදුරත් පැවසීය.

Related posts

තෙල් නැතිව සුරාබදු වැටලීම් අඩපණ වෙයි

colombotoday

නරක් වූ පුවක් තොගයක් යවලා… සනත් ජයසූරියට මුම්බායි අධිකරණයෙන් වරෙන්තු

colombotoday

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin

දඹදෙණිය ශ්‍රිනිප සංවිධායක ශාන්ත බණ්ඩාර එජාපයට පනී

colombotoday

මත් උවදුරට එරෙහිව දැඩි පියවර ගන්න – ආරක්ෂක ලේකම්ගෙන් පොලිසියට උපදෙස්

colombotoday

නවසීලන්තයෙත් රජයට එරෙහිව විරෝධතා

colombotoday