Colombo Today Sports News

මාලිංගට IPL තරග රැසක් අහිමි වීමට යයි

වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට මෙවර අයි පී එල් තරගාවලියේ තරග රැසක් අහිමිවනු ඇති බව වාර්තාවෙයි.

පෞද්ගලික කරුණක් හේතුවෙන් ලසිත් මාලිංග, අයි පි එල් තරගාවලියේ මූලික වටයේ තරග රැසකට එක් නොවන බවයි වාර්තා වන්නේ. මාලිංගගේ පියා අසනීප තත්ත්වයකින් පසුවීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව ක‍්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

කෙසේවෙතත්, තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා ලසිත් මාලිංග ක‍්‍රිඩා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ. මෙවර අයි පී එල් තරගාවලිය සැප්තැම්බර් 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

Related posts

සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි

Admin

ශ්‍රී ලංකාව තුල ලකුණු 300 ක් හඹා ගොස් ජයගත් ප්‍රථම කණ්ඩායම බවට සිම්බාබ්වේ පත්වෙයි

colombotoday

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් තවත් වාර්තාවක්

colombotoday

ධනුෂ්කට එරෙහි තහනම ඉවතට

Admin

චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනියි

colombotoday

ශ්‍රී ලංකාවට තීරණාත්මක ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගය අද

Admin