Colombo Today Local News

මාකඳුරේ මදූෂ් දිවයිනට… CID අත්අඩංගුවට ගනී…

ඩුබායි පැවති උපන්දින සාදයකදි  අත්අඩංගුවට  පත්ව මාස තුනකට අධික කාලයක් එරට අත්අඩංගුවේ  සිට මෙටට පිටුවහල් කළ සමරසිංහ  ආරච්චිලාගේ  මධුෂ් ලක්ෂිත හෙවත්  මාකඳුරේ මධුෂ් අද (5) අලුයම  මෙරටට  පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පොලිස් අධිකාරි  රුවන්  ගුණසේකර  මහතා  පැවසීය.

 අද අලුයම 5.00 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ඔහු පැමිණ තිබුණි.
 
එහිදී ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යොමු කිරීමෙන් පසුව, වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා ඔහුව ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රැගෙන ගොස් ඇත.

මාකඳුරේ මධූෂ් ව මේවනවිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට රැගෙනවිත් තිබේ.

Related posts

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වෙයි

colombotoday

මැරුණු කොටින්ට වන්දි ගෙවන යෝජනාව : සංශෝධනය කර ක්‍රියාත්මක කළ හැකියි

colombotoday

ජාතික ආණ්ඩුවේ වෙනසක් නෑ… ජනවාරි 8 ජනවරම ක්‍රියාත්මක කරනවා – අගමැති කියයි

colombotoday

දෙමෝදර ආරක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් කිරීමේ තීරණයක්

Admin

දිස්ත්‍රික්ක නවයක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday