Colombo Today Local News

මහා බැංකුවේ ක්‍රියා කලාපයට එරෙහිව මම තනිව සටන් කළා – රවී කරුණානායක කියයි

“සමහරු කියාවි මම පවතින ආණ්ඩුවට කඩේ යනවා කියලා. නමුත් වසර 5 ක් තිස්සේ මම මගේ චරිතය ඝාතනය කරගෙන මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා. ඒත් අපේ වත්මන් ජනාධිපතිතුමා මේ ප්‍රශ්නය හොදින් තේරුම් අරන් කටයුතු කිරීමට පෙළඹීම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටු වෙනවා. මම සටන් කරන්නේ මගේ ජනතාව වෙනුවෙන්. මම හැමදාමත් කිව්වේ මොන යුද්ධය දිණුවත් ආර්ථික යුද්ධය පැරදුනොත් අපේ රට විශාල පසුබෑමකට ලක්වෙනවා කියලා” යැයි කොළඹ දිස්ත්‍රික් එක්ස්ත ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් දැක්වූයේ, ඊයේ (18) මාධ්‍ය වෙත කරුණු ඉදිරිප්ත කිරීමකට එක් වෙමිනි.

මෙහිදී මාධ්‍ය විසින් මහබැංකු බැදුම්කරය පිළිබදව නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් කරුණානායක මහතා..,

මහා බැංකුවක් තිබේන්නේ ඒ රටේ ආර්ථික ස්ථාවර කරන්නයි. රුපියලේ ශක්තිමත් භාවය ඇති කිරීම මහ බැංකුවේ විශේෂ වගකීමක්. එය නිතර දෝලනය වෙන දෙයක්. සැබැ සංවර්ධනයක් ඇති කර ආර්ථිකය ශක්තිමත් කිරීමත් මහ බැංකුවේ කාර්ය භාරයක්.

“1949 සිට මේ දක්වාම මහ බැංකුවට දේශපාලන ඇගිලිගැසිම් සිදුවන තාක්කල් මහ බැංකුවේ මනා වර්ධයක් ඇතිවී තිබුණා. ඒක නැහැ කියන්නේ නැහැ. නමුත් වසර 2000 දි සිදුවූ දේශපාලන පත්වීම් තුළින් මහ බැංකුවේ කඩා වැටීම් ආරම්භ වුණා. මේ ආණ්ඩුව මාස 08 ක් පාලනයේ සිටියා. අපි බලයේ සිටින විට මේ අය කිවේවේ අපට ර‍ට කරන්න බැහැ කියලා. නමුත් අද වෙද්දි රට2015 තිබූ තත්ත්වයට ආර්ථිකය ආපස්සට  ගිහින් නේද. 

මොනවද මේ මහ බැංකුව දැන් කරලා තිබෙන්නේ. එදා අපේ රටට අවශ්‍ය  වෙනවා කිව්වේ මූල්‍ය ආයතන 25 ක් පමණ. නමුත් මේ වෙද්දි මේ රටේ මූල්‍ය ආයතන තිබෙනවා 55ක්. කවුද මේවට ලයිසන් දුන්නේ. මහ බැංකුව තමයි මේවට අවශ්‍ය බලය දීලා තිබෙන්නේ.

මේවායින් ආයතන ගණනාවක් විශාල වශයෙන් කඩාවැටීමකට ලක්වුණා. මේවාට වගකිව යුත්තේ කවුද. ජනාධිපතිතුමා මේ ගැන තිබෙන සැබෑ තත්තවය පැහැදිලි කළා මහ බැංකුවට. ඇයි ඒවා මහබැංකු නිලධාරීන්ට මීට කළින් තේරුම් අරන් ක්‍රියා කරන්න, තීරණ ගන්න බැරි වුණේ.

එදා අපි ඉන්න කාලේ අවම මිලකට ලැබුණු බෙහෙත් දැන් ගන්න පුලුවන්ද. අධ්‍යාපන පහසුකම්,පොලී නැති ණය හෝ අවම පොලී සහිත ණය ලබාදිම් ආදිය අපි නිසි පරිදි ජනතාවට ලබා දුන්නා මහා බැංකුවේ ඇගිලි ගැසීම් වලින් තොරව. ඒත් අද ම් තත්ත්වය විශාල වශයෙන් වෙනස්වී තිබෙනවා. ඔවුන් ඒ ගැන ඇහුවම උද්ධමනයක් ගැන කතා කරනවා.

අද මහා බැංකුව ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැත්තෝ බවට පත්වෙලා. ඒ නිසා ලංකාවට හෙනගැහුවත් ඔවුන්ගේ ප්‍රතිපත්ති තමයි ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ. අපට බැංකු විශාල සංඛ්‍යාවක් ඕන නැහැ. කරගෙන යන බැකු කිහිපය හරි නිසි පරිදි කරනන්නයි ඕන. මූල්‍ය ආයතන කොපමණ කඩා වැටුනත්, මහ බැංකු නිලධාරීන් එක්කෙනෙක්වත් මේ කාලය පුරාවට ගෙදර ඇරලා තිබෙනවාද. පව් සේරම මහජනතාව. පින් ඔවුන්ට.

වරදක් වූණොත් බනින්නේ මුදල් ඇමතිට. නමුත් ඒවාට වගකිව යුත්තේ මහා බැංකුවයි. නමුත් මේ රටේ වෙන්නේ අනිත් පැත්ත. පසුගිය දිනක අමානුෂික පහරදීමකට ලක්ව සුනිල් සහෝදරයා නිරපරාදේ මිය ගියෙත් මේ මහා බැංකුවේ අනවබෝධය නිසයි. ලියාපදිංචි නොකළ මූල්‍ය ආයතන ගැන සෙවිය යුතතේ මහා බැංකුව මිසක් මුදල් ඇමතිවරයා නොවෙයි. ඇයි මහා බැංකුව නින්දෙන් අවදි වෙලා වගේ කටයුතු කරන්නේ.

අපේ දළ දේශීය නිෂ්පාදිතය ට්‍රිලියන 17 ක් පමණ වෙනනවා. දිනකට බිලියන් 50 ක් පමණ වෙනවා. මේ කොරෝනා ප්‍රශ්නයේදී සමාගම් වහන්න තීරණය කළා. රජය විසින් සමාගම් වලට 4%ක පොලියට ණය දෙන්න තීරණය කළා මේ ගැටළුව විසදන්න. නමුත් මහා බැංකුවට අදත් මේ කාර්යය කරන්න බැරි වෙලා තිබෙනවා. ඔවුන් කරන්නේ මේ ප්‍රශ්නයේදී බැංකු හිර කරන එකයි.

වෙන රටවල ආණ්ඩුව කියන දේ තමයි මහා බැංකුව ක්‍රියාත්මක කරන්නේ. නමුත් අපේ රටේ ආණ්ඩුව දකුණට හැරෙන්න කිව්වාම, මහා බැංකුව වමට හැරෙනවා. වමට හැරෙන්න කිව්වාම දකුණට හැරෙනවා.. ජනාධිපතිතුමා කිව්වම කරන්න පුළුවන් වුණානම්, ඇයි මෙච්චර දවසක් නොරක හිටියේ. අන්න එතනයි ගැටළුව තියෙන්නේ

අපි ජනතාවට යහපත් දේ කරන්න ඕන. නමුත් රටේ මූල්‍ය ප්‍රතිපත්ති වලට පටහැනි වෙන්න බැහැ. දැන් මේ රටේ ණය පියවන්න තිබෙනවා. කොහොමද මේ ණය ගෙව්වේ. ඒ ණය ගෙව්වේ මේ රටේ තිබුන සංචිත වලින්. ඒ නිසා මේ වනවිට බිලියන් 6.1 ක් දක්වා රටේ සංචිත අඩු වෙලා තිබෙනවා. තවත් බිලයන් 2.3ක් ණය ගෙවන්න තිබෙනවා. ඒවා ගෙවන්න වෙන්නේත් සංචිත වලින්. මේ ප්‍රශ්න විසදන්න නම් අපි එකතු වෙලා සාකච්ඡා කරන්න ඕන.

වත්මන් රජය සමග මම ජාතික ආර්ථිකයක් ගැන කතා කලාම, මෛත්‍රිපාල සිරිසේන එක්ක ඩීල් ගහලා, මහ ගෙදරින් එළියට බැහැලා ගිය කට්ටිය කිව්වේ මම ජාතික ආණ්ඩුවක් හදන්න හදනවා කියලා. අපේ  ආණ්ඩුව පැහැර හැරුණේ ඒ කට්ටිය නිසයි. අපිට කා එක්කවත් ඩීල් ගහන්න ඕන  නැහැ. අලියා කියන්නේ වැඩකාරයෝ. නමෙන්ම ඒ බව පේනවා. අපෙනුත් වැරදි සිදුවුණා. අපි ඒවා හදාගෙන ජනතාවට සේවය කරන්න ඕන. ජනාධිපතිතුමා කියනවා මේ මාස 8 කට මොනවත් සිදුවුණේ නැහැ කියලා. අද මුදල් ඇමති තමයි අගමැතිත්. එහෙනම් අගමැති ජනාධපති එකතුවෙලා අද කරන්න බැරිවුණ දේවල්, එදා මම මුදල් ඇමති කාලයේ සිදුකලේ කෝහෝම ද.

අපිට ලැබුණේ දනගැස්සුව ආර්ථිකයක්. නමුත් අපි දින 23 කින් රජයේ සේවකයන්ට  රු. 10,000 දීමනාව ලබා දුන්නා. තවත් සහන ලබා දුන්නා. අපිට  ඔවුන් ඡන්දය නොදුන්න බවත් අපි දන්නවා. දැන් මහ බැංකුව කරන්නේ මහා බැංකු වාර්තාව ලියන එක විතරමයි. ඒකත් දේශපාලනය තුළින් සිදුවන යහපත් දේ ඔවුන්ගේ තීරණ විදියට එළිදක්වන එක තමයි කරන්නේ.

කරුණාකරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්සේ යන්නෙපා. මේ අයට නැවෙන්නේ නැතිව ආර්ථකය විසදන්න පුලුවන්. අපි ඒ දේ ජනතාව වෙනුවෙන් කළ යුතුමයි. ජනතාවගේ රැකියා ප්‍රශ්නය විසදිය යුතුයි. අවම පොළියකට ණය ලබ දියයුතුයි. මේ ප්‍රශ්නය විසදන්න නයාගෙ වල්ගෙන් අල්ලලා බැහැ, ඔලුවෙන්ම ඇල්විය යුතුයි. බැදුම්කරය ගැනම කතා කරලා වැඩක් නැහැ. වැඩ කරන අයට වැඩ කරන්න ඉඩ දෙන්න. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේත්, ඔවුන්ගේ වරම අපට දෙන්න කියලා මේ ගැටළුව විසදන්න” යැයි පැවසීය.

Related posts

10 වැනිදා සිට එජාප තනි ආණ්ඩුවක්…

colombotoday

ජනපති හදිසියේ ම සුනිත්‍ය බල අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක

colombotoday

විල්ගමුවේ 8 මස් ගැබිණිය සහ සැමියාව ගිනි තබා මැරුවා ද?

colombotoday

පාර්ලිමේන්තුවේ අගමැති අසුන නව අගමැති මහින්දට වෙන් කරයි… කතානායක කාර්යාලයෙන් නිවේදනයක්…

colombotoday

විද්‍යාත්මකව වෙනස් වූ එකම අමාත්‍යංශය ගැන මහින්ද ‌කියයි

colombotoday

බේරුවල ධීවර වරාය වැසෙයි : පෑලියගොඩට මාළු ගෙනා 10 දෙනෙකුට කොරෝනා

colombotoday