Colombo Today Local News

මද්‍රසා පාසල් කාති උසාවි සහ බුර්කාව සතියකින් තහනම් නොකළොත් ඡන්දය පැත්තකට දමා මුස්ලිම් භාණ්ඩ වර්ජනය රටම පෙළ ගස්වනවා

මද්‍රසා පාසල් කාති උසාවි සහ බුර්කාව සතියක් ඇතුළත තහනම් කිරීමට කටයුතු නොකළහොත් ඡන්දය පැත්තකට දමා මුස්ලිම් භාණ්ඩ වර්ජනය කිරීමට කටයුතු කරන බව අපේ ජනබල පක්‍ෂයේ සභාපති අතුරලියේ රතන හිමියෝ කියා සිටියහ.

සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සභාව සහ රජය මේ සම්බන්ධයෙන් වහා තීරණයක් ගත යුතු බවත් එසේ නොවුණහොත් එම භාණ්ඩ වර්ජනය කිරීම සඳහා සමස්ත රට පෙළගස්වන බවත් උන්වහන්සේ කීහ.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොබෝ දිනකින් සංඝ සම්මේලනයක් කැඳවනු ලබන බවද උන්වහන්සේ කීහ.

පසුගියදා මෙරට ප‍්‍රමුඛ පෙළේ බැංකුවක සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයේ ප‍්‍රතිචාර ඉතා කනගාටුදායක බවත් ඔවුන් එසේ හැසිරෙන්නේ නම් ඊට නිසි ප‍්‍රතිචාර දැක්වීම සමාජයේ වගකීමක් බවත් රතන හිමියෝ සඳහන් කළහ.

මෙම සියලූ ප‍්‍රශ්න සඳහා වගකිව යුත්තේ සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සභාව බවත් ඔවුන් ගොඩනඟාගෙන තිබෙන අන්තවාදී ඒකාධිකාරය වහා බිඳ දැමීම අනාගත සුබසිද්ධියක් වනු ඇති බවත් උන්වහන්සේ කීහ.

තමන්වහන්සේ අවිහිංසාවාදී අවිය ඔසවන්න පෙර ප‍්‍රශ්නයට විසඳුමක් ලබාදීම රජයේ වගකීමක් බව අතුරලියේ රතන හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

Related posts

කොච්චිකඩේ පල්ලිය අසලින් තවත් බෝම්බයක් හමුවෙයි…

colombotoday

පැය 48ක් ඇතුළත ඇමති මණ්ඩලය පත්කර අතුරු සම්මත ගිණුමක් ගේනවා

colombotoday

ඇමති කෙහෙළියට අධි චෝදනා

colombotoday

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට කිසිඳු පාර්ශවයකට ඒම වළකමින් අධිකරණ නියෝගයක්

colombotoday

පුත්තලමේත් නිවෙස් දෙකක ගෑස් ටැංකි ලීක්. – එක් සිලින්ඩරයක් ගිනිගනී. අනෙක් ටැංකිය කඩිනමින් ඉවත් කරයි.

colombotoday

TNA සජිත්ට සහය ‌දෙන්න ‌හේතුව ‌මෙන්න…

colombotoday