Colombo Today Local News

“මට සරුවාංගයක් තියෙනවා, මධ්‍යම ස්නායු පද්ධතියක් තියෙනවා.” – කොන්දේසි ගැන සජිත් කියයි

මම පැහැදිලිවම කියන්න කැමතියි කොන්දේසි සහිත දේශපාලන ගමනකට සජිත් ප්‍රේමදාස කිසි දවසක කිසි විදිහකින් ලෑස්ති නෑ කියන එක. කොන්දේසි වලට යටවෙලා බියගුළු ,නිවට දේශපාලකයෙක් වන්නට රණසිංහ ප්‍රේමදාසගේ පුතා කිසිම දවසක ලෑස්ති නැති බව මම කියන්න කැමතියි. ඒ නිසා අද හැමතැනකම මේ ප්‍රචාරය වන තොරතුර අසත්‍යක් යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා 25 වැනිදා මතුගමදී ප්‍රකාශ කලේය.

රට පුරාම ප්‍රචාරය වන කරුණක් පිළිබදව මම මුලින්ම ඔබ සියළු දෙනාම දැනුවත් කරන්න කැමතියි. ඊයේ දවසේ නිර්මාණය උනු ප්‍රවෘත්තියක් තුල අද රට පුරාම විවිධ මාධ්‍යයන් හරහා සදහන් වෙලා තිබෙනවා සජිත් ප්‍රේමදාසට කොන්දේසි සහිතව අපේක්ෂකත්වය බාර දුන්නැයි කියලා. මම එකක් කියන්න කැමතියි, මම දේශපාලනයට ප්‍රවේශ උනේ රට ගැන හිතලා, දේශය ගැන හිතලා , මාතෘ භූමිය ගැන හිතලා,ලංකාවාසී ආදරනීය, සදාදරනීය මගේ සහෝදර පුරවැසි පරපුර ගැන හිතලා මේ රටේ ජනතකාවගේ උන්නතිය ගැන හිතලා මගේ දේශපාලන ප්‍රවාහය දියත් කරන්න. සජිත් ප්‍රේමදාස වනාහී කාගෙවත් රූකඩයක්වත් ,පඹයෙක්වත් නොවෙයි.සජිත් ප්‍රේමදාසට අනන්‍ය වූ හිතක් ,පපුවක් තියෙනවා. සරුවාංගයක් තියෙනවා, මධ්‍යම ස්නායු පද්ධතියක් තියෙනවා. මගේ සිතිවිලි. මගේ ගති පැවතුම්,මගේ ක්‍රියා කාරකම් මෙහෙයවන්නේ වෙන කවුරුත් නෙමෙයි මගේ හෘද සාක්ෂියයි” යන්නයි

Related posts

ඊශ්‍රායලයේ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින් ගැන තීරණයක්

Admin

තොන්ඩමන් – මුස්තාපා රහස් සාකච්ඡා.. කුකුළා අත යටට !

colombotoday

ලෙඩ ගොඩක්.. Kwid රථ 50,000 ක් ආපසු කැඳවයි

colombotoday

“මහින්දගේ බොළද කතා පෙන්වන්න එපා.. වැඩක් ඇති දෙයක් පෙන්වන්න” හිරුණිකාගෙන් මාධ්‍යයට පණිවිඩයක්

colombotoday

පූජ්‍ය පක්ෂයට හානියක් නෑ – අගමැති

colombotoday

දෙවියන් වහන්සේ වෙත ගිය තමිලිනී වෙනුවෙන් අපි යාඥා කරන්නෙමු, ඔබත් යාඥා කරන්න – TNA

colombotoday