Colombo Today Local News

බෙදුම්වාදී, අන්තවාදී බලවේගවලට යළි ඉඩක් නොමැති බව විශ්වාසයි… බොදු බල සේනා සංවිධානය විසුරුවාහරිනවා !

පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

රාජගිරියේදී අද(19) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ එසේ කීහ.

එහිදී අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේද පැවසූහ. ‘සුළු ජාතික ඡන්දවලින් හැර අපේ රටේ ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ කියා මිත්‍යා මතයක් තිබුණා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සමඟ එය මිත්‍යාවක් බවට පත්වුණා. දැන් හොඳ නායකත්වයත් තියෙනවා. මහමැතිවරණයෙන් පසු හොඳ ඇමැති මණ්ඩලයක් සමඟ හොඳ ගමනක් යන්න පුළුවන්. රට ගෙනියන්න හොඳ නායකත්වයක් තියෙනවා. ඒ නිසා අපේ සංවිධානය මීට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මහ මැතිවරණයෙන් පසු සංවිධානය විසුරුවා හරිනවා‘ යැයිද සඳහන් කළහ.

සම්පුර්ණ මාධ්‍ය හමුව…

Related posts

ඒකාබද්ධයේ තවත් මන්ත්‍රීවරයෙක් සමග කෙහෙළිය ආණ්ඩුවට ?

colombotoday

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් තනතුරට ගෝලයෙක් පත්කරගන්න හිස්බුල්ලාගෙන් බලපෑම් !

colombotoday

“සිවිල් සංවිධාන, ආචාර්ය මහාචාර්යල කරන්නේ මොන්ටිසෝරි වැඩ.. එයාලට මම බය නෑ“ – ජනපති

colombotoday

වනජීවී ඇමතිගේ ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රයෙන් පෙත්සමක්

colombotoday

ත්‍රස්ත මර්ධන පනත අ‍හෝසියි.. ජාතික ආරක්ෂක පනතටත් සංශෝධන එයි !

colombotoday

එජාප මන්ත්‍රී මන්සූර් සහරාන් ත්‍රස්තයාගේ බිරිදගේ සැප දුක බලන්න රෝහලට ඇවිත්.. හරවා යැවූ වෛද්‍ය අධිකාරීට ස්ථාන මාරුවක්

colombotoday