Colombo Today Local News

බීමතින්, රියදුරු බලපත්‍රයක් නොමැතිව, ගංජා සුරුට්ටුවක් තබාගෙන වෑන් රථයක් පැදවූ පුද්ගලයෙකුට 52500 ක දඩයක්

රියදුරු බලපත්‍රයක් නොමැතිව, බීමතින් ගංජා සුරුට්ටුවක් සන්තකයේ තබාගෙන වෑන් රථයක් පැඳවීමේ චෝදනාවලට වරද පිළිගත් පුද්ගලයෙකුට හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි මහතා විසින් රුපියල් 52500/- ක දඩ මුදලක් නියම කර තිබේ.

ඊයේ (09) දිනයේ දී මෙම නියෝගය ලබා දී ඇත.

මෙසේ වරදකරු වූයේ, මස්කෙළිය නගරයේ පදිංචි පරමජෝති සරවණ නැමති අයෙකි.

බීමතින්, රියදුරු බල පත්‍රයක් නොමැතිව රිය පැදවීම යන චෝදනා දෙකට පිළිවෙලින් රුපියල් 25,000/- බැගින් රුපියල් 50,000/- ක් හා ගංජා සුරුට්ටුවක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට රුපියල් 2500/- වශයෙන් රුපියල් 52,500/- ක දඩ මුදල විනිසුරුවරයා විසින් මෙහිදී නියම කර ඇත. 

චූදිත තවත් පිරිසක් සමඟ මස්කෙළිය ප්‍රදේශයේ  සිට නල්ලතන්නිය දක්වා මෙම වෑන් රථය පදවමින් සිටියදී නල්ලතන්නිය, මුල්ගම මන්සන්ධියේදී පොලිස් නිලධාරීන් විසින් පෙරේදා (08) පස්වරුවේ සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. 

රියදුරුට මෙම වෑන් රථය අයිති නොවන අතර, වාහනය අයිතිකරුට බාර දීමට පියවර ගත් බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය. 

නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත උ.පො.ප රත්නායක පොලිස් කොස්තාපල්වරුන් වන  කැළුම් (84645), කුමාර (77876), සිවරූබන් (33828) යන නිලධාරීහූ මෙම වැටලීම සිදු කර චූදිත අධිකරණය හමුවට පමුණුවා තිබුණි.

Related posts

මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වැඩි නොවෙයි

colombotoday

මරණ දඩුවමට එරෙහිව දුමින්ද සිල්වාගෙන් අභියාචනයක් !

colombotoday

එහෙම තහනම් කරන්න බෑනේ. ඒක අන්තවාදීවැයි. බොදු බල සේනාවට මම විරුද්ධයි තදින්ම. නමුත් ඒක තහනම් කරන්න බෑ. – වාසුදේව කියයි.

colombotoday

මේ ප්‍රදේශවලින් ඉක්මනින් ඉවත්වන්න! (Exclusive)

colombotoday

මගෙ තාත්තට දුමින්ද සිල්වා වෙඩි තිබ්බේ නෑ.. පලමුව වෙඩි වැදුනේ දුමින්දටයි.. – හිරුණිකා පාර්ලිමේන්තුවේදී කියයි..

colombotoday

“ආණ්ඩුව පෙරළන්න රට වටේ යන්න හිටපු ජනපතිට හමුදා ආරක්ෂාව දෙන්න බෑ” – විජිතමුණි සොයිසා

colombotoday