Colombo Today Local News

බින් ලාඩන් මැරුණ හැටි නොකියන ඇමරිකාව කොටි ත්‍රස්තයන් මැරුණ හැටි හෙවීමේ ලෝක විහිළුව

ct 2156

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් පෙබරවාරි මැද භාගයේදී මෙරටට පැමිණීමට නියමිතය. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වී ඇත්තේ යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා රජය දේශීය යාන්ත්‍රණයක්‌ කෙටුම්පත් කර තිබේද යන්නයි.

මේ යුද අපරාධ චෝදනාවලින් එකක්‌ වන්නේ නඩේසන්, පුලිතේවන් වැනි කොටි ත්‍රස්‌තයන් සුදු කොචි ඔසවාගෙන එන විට ඔවුන්aව ඝාතනයට ලක්‌ වූයේද යන්න සෙවීමයි. එහෙත් එම කොටි ත්‍රස්‌තයන්ට වෙඩි තබන අයුරු දුටු කෙනෙක්‌ නැත. ශ්‍රී ලංකා හමුදාවේ හිටපු මේජර් ජනරාල්වරයකු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුවේ දිව්රුම් ප්‍රකාශයක්‌ දෙමින් පවසා ඇත්තේ කොටි හමුදා නායකයන්ට වෙඩි තබන ලෙසට නිල නොවන අයුරින් නියෝගයක්‌ දී ඇති බවට තමාට වාර්තා වූ බවයි. මෙම සුදු කොටි සිද්ධිය ගැන මාධ්‍ය පාර්ශවයක්‌ ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය වෙත සාක්‍ෂියක්‌ දෙමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසින් 58 වැනි සේනාංකයේ ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාට කොටි හමුදා නායකයන් ඝාතනය කරන ලෙසට දුන් නියෝගය තමන්ට ඇසුන බව දක්‌වා ඇත.

මින් හිටපු මේජර් ජනරාල්වරයාට තානාපති සේවයේ ඉහළම ධුරයක්‌ හිමිවිය. මාධ්‍ය පාර්ශවයට හා පවුලේ අයට ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ඉඳුම් හිටුම් සහ පිංපඩියක්‌ද ලබා දී ඇත.

එසේම මෙම සාක්‌කිකරුවන් දෙදෙනාගේ සාක්‌කි පිළිගෙන තිබේ. මේ පසුබිම මැද යුද හමුදා බලධාරීන් අද වන තෙක්‌ එම හිටපු මේජර්ජනරාල් ගැන විමර්ශනයක්‌ අරඹා නැත.

එහෙත් අල්කයිදා නායක බින්ලාඩන් ඝාතනය කිරීමට අදාළ රහසිගත තොරතුරු අනාවරණය කිරීම පිළිබඳව ඇමරිකානු සීල් -6 බලකායේ බිසෝනෙට්‌ නැමැති සීල් භටයා ගැන නාවික බලධාරීන් පරීක්‍ෂණ අරඹා ඇත.

මෙම අතිශයින් රහසිගත තොරතුරු හෙළිකිරීම තුළින් විසොනෙට්‌ ඩොලර් මිලියන ගණනක්‌ උපයා ගෙන ඇතැයි චෝදනා එල්ල වී ඇත. බින්ලාඩන්ව මරා දැමුවේ කෙසේද යන්න ගැන මානව හිමිකම් කවුල්සිලය පරීක්‍ෂණ පැවැත් වුවේ නැත. එවකට මානව හිමිකම් කොමසාරිස්‌ව සිටි නවි පිල්ලේ ප්‍රකාශයක්‌ කරමින් බින්ලාඩන් ඝාතනය ගැන තමා ඇමරිකාවෙන් වාර්තාවක්‌ ඉල්ලා ඇතැයි කීවාය.

එහෙත් මෙතෙක්‌ එවන් වාර්තාවක්‌ ලබාදීමට ඇමරිකානු රජය ක්‍රියා කර නැත. බින්ලාඩන් ඝාතනය ගැන තොරතුරු වසන් කළ ඇමරිකානු රජය දැන් පරීක්‍ෂණ අරඹා ඇත්තේ බින් ලාඩන්ට වෙඩි තැබූ නාවික සීල් භටයා වූ බිසොනෙට්‌ රාජ්‍ය රහස්‌ හෙළි කිරීම ගැනය.

මෙම පරීක්‍ෂණ ආරම්භවීමත් සමඟම බින්ලාඩන් මරා දැමීමට අදාළ ඡායාරූප නාවික විමර්ශන බලධාරීන් වෙත ලබාදීමට බිසොනෙට්‌ එකඟ වී තිබේ.

එසේම එම ඝාතනය සම්බන්ධව ලියූ ග්‍රන්ථයෙන් ඉපයූ ඩොලර් මිලියන ගණනක මුදලක්‌ ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ දෙපාර්තමේන්තුවට බාර දීමටද බිසොනෙට්‌ එකඟ වී ඇත.

මෙලෙස බින්ලාඩන් ඝාතනය ගැන තොරතුරු වසන් කළ ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට කියන්නේ පුලිදේවන්, නඩේෂන් ඇතුළු කොටි හමුදා නායකයන් මියගියේ කෙසේදැයි ශ්‍රී ලංකා රජය හෙළි කළ යුතු බවයි.

රාජ්‍ය රහස්‌ හෙළි කළ බව කියමින් බිසොනෙට්‌ නැමැති නාවික සීල් භටයා ගැන විමර්ශනය පවත්වන ඇමරිකාව ශ්‍රී ලංකාවේ හිටපු මේජර් ජනරාල්වරයෙකුගෙන් හමුදාවට එරෙහිව දිවිරුම් ප්‍රකාශයක්‌ ලබා ගෙන ඇත.

මෙලෙස බිසොනෙට්‌ නැමැති සීල් භටයා ගැන ඇමරිකානු බලධාරීන් පරීක්‍ෂණ අරඹා ඇත්තේ බින්ලාඩන් මැරී සිටින අයුරු දැක්‌වෙන ඡායාරූප ඔහු සතුව තිබීම නිසා බව හෙළි වී තිබේ.

මෙම ඡායාරූපවලින් බින්ලාඩන් නිරායුධව සිටින බව සනාථ වේ.

එම ඡායාරූප නාවික විමර්ශන බලධාරීන්ට ලබාදීමටද බිසොනෙට්‌ එකඟ වී ඇත.

මේ ඡායාරූප අතිශයින්ම රහසිගතයි. රහස්‌ හෙළි කිරීමට ඔහුට හැකියාවක්‌ නැහැ යෑයි ඇමරිකානු බලධාරීන් පවසා තිබේ. එසේ නම් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හිටපු මේජර් ජනරාල්ගෙන් දිව්රුම් ප්‍රකාශයක්‌ ලබා ගත්තේ කෙසේද? එය නීතිවිරෝධී නොවේද?

එහෙත් ඇමරිකාව දිවිත්ව රංගනයක යෙදි සිටි බින් ලාඩන් ත්‍රස්‌තවාදීයකු නිසා ඔහු වැනසීමට ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයිතියක්‌ ඇති බව පවසන ජනාධිපති බරක්‌ ඔබාමා ශ්‍රී ලංකාවට කියන්නේ කොටි ත්‍රස්‌තයන් වැනසීමට ශ්‍රී ලංකාවට හිමිකමක්‌ නැති බවත් එම කොටි මියගියේ කෙසේදැයි දැන ගැනීමට අපට අවශ්‍ය බවයි.

අපි බින්ලාඩන්ට නීතිය ඉටු කළෙමු යෑයි පවසන ඔබාමා ශ්‍රි ලංකාවේ හමුදාවට පවසන්නේ කොටින්ට නීතිය ඉටු කිරීමට නුඹලාට ඉඩක්‌ නැති බවයි.

ඔබාමාගේ මේ ප්‍රකාශයට නිසි ප්‍රතිචාර දැක්‌ වූයේ ධවල මන්දිරයේ හිටපු කතා රචක ඩේවිඩ් ප්‍රොම්ය. ඔහු පැවසූවේ තක්‌කඩි දේශපාලකයන් විසින් ත්‍රස්‌තවාදීන්ව සාදරයෙන් පිළිගෙන ඇති බවයි.

* කීර්ති වර්ණකුලසූරිය

Related posts

“ප්‍රභාකරන් වැඩි කාලයක් ඇසුරු කිරීමට නොලැබීම ගැන කණගාටු වෙනවා” – එරික් සෝල්හයිම්

colombotoday

විස්සේ ඡන්ද විමසීම ඇරඹේ

colombotoday

ඉන්නවද.. යනවද? ඇමති රවී තීරණයක් ගන්න යයි !

colombotoday

හෙද වර්ජනයෙන් රෝගීන් අමාරුවේ !

colombotoday

මෙරට පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය පත්කෙරේ

colombotoday

මේ ජනාධිපතිවරයා යටතේ අමාත්‍ය ධූර බාර ගන්නේ නෑ

colombotoday