Colombo Today Local News

බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය අල්ලන්න අලුත් උපකරණ

බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියන් මත්ද්‍රව්‍ය භාවිත කර සිටින්නේ ද යන්න සෙවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බන්ධනාගාර ආශි‍්‍රතව අහුඹු ලෙස තෝරාගත් රැඳවියන් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයකට ලක් කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.

මත්ද්‍රව්‍ය භාවිත කළ යම් රැඳවියෙකු එහිදී අනාවරණය වුවහොත් ඔහු හරහා මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුළට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණ සිදුකරන බවද ඒ සඳහා බන්ධනාගාර නිලධාරීන් සහය ලබාදී ඇත්නම් ඔවුන්ට එරෙහිව ද නීතිය තදින් කි‍්‍රයාත්මක කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.

විදේශ රටක නිෂ්පාදිත මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන් හදුනා ගන්නා උපකරණ තොගයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මේ වනවිටත් ලැබී තිබේ.

එම උපකරණය හරහා භාවිත කර ඇති මත්ද්‍රව්‍ය පිළිබදවද හදුනා ගත හැකි බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ. පළමුු අදියර යටතේ එම උපකරණ උපයෝගී කර ගෙන අහඹු ලෙස තෝරාගත් බන්ධනාගාර ආශි‍්‍රතව එම පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතයි. රැඳවියන්ගේ ඛේට සාම්පල පරීක්ෂා කිරීමට හැකි මෙම උපකරණ කට්ටල දහසක් බන්ධනාගාරවලට ලබා දී තිබේ.

Related posts

ඉහල යන ඉන්ධන මිලට විරෝධය පළ කරමින් බස් රථ හිමියන් අනුරාධපුර මාර්ග වසයි.

colombotoday

කුලියාපිටිය පහරදීමට හේතුව මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරිමේ ගැටලුවක්

colombotoday

හිටපු ජනපතිගේ ආරක්ෂාවට සේවයෙන් විශ්‍රාමික ගිය කමාන්ඩෝ බල ඇණියක්

colombotoday

“මේ ව්‍යවස්ථාව සම්මත කළොත් රට බෙදන්න තව අඩියයි“ මහින්දගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට රජයේ අවධානය

colombotoday

රතන හිමි චම්පිකට රිද්දන්න බදුර්දීන්ට අවි අමෝරයි

colombotoday