Colombo Today Local News

ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට අවස්ථාව සලසා දෙන්න : අභියාචනාධිකරණයෙන් නියෝගයක්

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාව සලකා දෙන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බන්ධනාගාර අධිකාරිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ප්‍රේමලාල් ජයසේකර විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලදී .

2015 ජනාධිපතිවරණය සමයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව ප්‍රේමලාල් ජයසේකර හට රත්නපුර මහාධිකරණය මරණ දඬුවම නියම කරන ලදී.

කෙසේවෙතත් මෙම දඩුවමට එරෙහිව අභියාචන පෙත්සමක් ගොනු කර ඇති බැවින් ඔහු සාමාන්‍ය රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පුද්ගලයකු බවට පත් වන බව පෙත්සම්කරු පවසා සිටින අතර ඒ අනුව පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙසට අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දිලීප් නවාස් මහතා සහ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

Related posts

කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්ජින් 10ක් මිළදී ගනී

colombotoday

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday

ඥානසාර හිමිගේ නම ඇතුලත් කුරුණෑගල නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වේ.

colombotoday

ලංකාව මව්බිමේදී ලද දැවැන්තම පරාජය ලබයි.. 2019 ලෝක කුසලානයට සුදුසුකම් නෑ !

colombotoday

යාපනේ තවත් ඉඩම් කොටසකින් හමුදාව ඉවත් වෙයි

colombotoday

පෙම්වතා සමග වීඩියෝවක් අන්තර්ජාලයට දැමීම ඉස්ලාම් නීතියට පටහැනියැයි තරුණියක් මරා දමයි

colombotoday