Colombo Today Local News

නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාව යෙදවීමට අදාල අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අද (22) දින සිට බලපැවැත්වෙන පරිදි අදාල විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සදහන්. 

හදිසි නීතිය ඉවත් කිරිමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු අතර පසුව මාසිකව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරයි. 

මීට පෙර මෙම නිවේදනය පසුගිය දෙසැම්බර් 22 වනදා නිකුත් කෙරෙනු අතර අද සිට බලපැවැත්වෙන පරිදි අදාල නියෝග මෙම ගැසට් නිවේදනය මගින් නිකුත්කර ඇති බව සදහන්. 

ඒ අනුව කොළඹ,ගම්පහ, කළුතර,නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලයහා පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒ යාබද දේශීය වෙරළ තීර ඇතුළු නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවල ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදා සාමාජිකයින් යෙදවෙන බව අදාල ගැසට් නිවේදනයේ සදහන් වේ. 

මීට අමතරව මහනුවර, මාතලේ, කිළිනොච්චිය, වව්නියාව, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව,බදුල්ල, මොණරාගල, රත්නපුර හා කෑගල්ල යන පරිපාලන දිස්ත්‍රික්ක ද මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශ ද මීට අයත් බව අදාල ගැසට් නිවේදනයේ සදහන් වේ. 

Related posts

“අළුත් පක්ෂයක් හදන්න මේ හොදම කාලයයි.. ඒ පක්ෂයේ නායකත්වය ගන්නැයි ඉල්ලීම් ලැබෙනවා”

colombotoday

සෞඛ්‍ය රීති කඩා උද්ඝෝෂණ පැවැත් වූ මහින්ද ජයසිංහ ඇතුළු දෙදෙනා ඇපමත නිදහස්

colombotoday

රසායනික පොහොර-කෘමිනාශකවල භාවිතයෙන් අහිතකර ‌බලපෑම් අධ්‍යයනයට බළකායක්

colombotoday

ශ්‍රී ලංකාවේ ‘වෙනස’ මේ වසරේ ලොව සිදුවූ වැදගත් සිදුවීම්වලින් වැදගත්ම එකක් – බෑන් කී මූන්

colombotoday

කොරෝනා ආසාදනය වූ අමෙරිකානු ජනපති හා ආර්යාවට, ජනපති ගෝඨාභය ඉක්මන් සුවය පතයි

colombotoday

ගෑස් පිපිරිම සංයුතිය වෙනස්වීමෙන් සිදුවන බවට පැතිර යන පුවත් අසත්‍යක් – කිසිදු තැනක එල්.පී. ගෑස් ටැංකි පිපිරීමෙන් සිදු වු අනතුරු කිසිවක් නැහැ

colombotoday