Colombo Today Local News

තෙමහල් නිවසක භූගත බංකරයක්… හිමිකරු කොළඹ ව්‍යාපාරිකයෙක්…

යාපනය නාවන්තුරෙයි ආසාත් මාර්ගය පහේ මන්සන්ධිය ආසන්නයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තෙමහල් නිවසක පොළව අභ්‍යන්තරයේ සකසා තිබූ භූගත බංකරයක් බවට සැකකළ හැකි ස්ථානයක් අද (28) සොයා ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ඒකාබද්දව මෙමෙ සෝදිසි මෙහෙයුම දියත් කොට ඇති අතර එහිදී අදාල තෙමහල් නිවසේ සිටි එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නිවස ඇතුළත රහසිගත අන්දමින් මෙම භූගත බංකරය සකසා ඇති අතර එහි දිග මීටර 25 වන අතර උස  අඩි අටක් පමණ සහ පළල අඩි පහක් පමණ වන ලෙස සකසා තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

ආරක්ෂිත දොරක් යොදා මෙම භූගත බංකරය වසා තිබූ අතර එයට ඇතුළුවීම සඳහා පඩිපෙලක්ද සකසා තිබිණි.

මෙය විදුලිය බලය ලබාදී ආරක්ෂිත ලෙස සකස් කර තිබූ අතර භූගත බංකරය සහිත තෙමහල් නිවසෙහි හිමිකරු කොළඹ ප‍්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයකු බවත් ඔවුන් මේ දිනවල නිවාසයෙන් පිටව ගොස් ඇති බවත්ය.

වසර දෙකකට පමණ ඉහතදී මෙම නිවස භූගත බංකරයක්ද සමඟ ඉදිකර ඇති අතර අදාල භූගත බංකරය ඉදිකිරීම පිළිබඳ පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලිසිය සහ යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය කියා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ජනපති උඩින් යන හැටි දුවට පෙන්වන්න වීඩියෝ කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් සෙවීමේ නව උපකරණයක්

colombotoday

සිංහ පුතුන්ගේ හඩ ජිනීවාහී රැව් දෙයි… තිස් වසරක් නොකී ඊළමේ බොරුව ලෝකය ඉදිරියේ දිගහරී…

colombotoday

“හැමෝම ජනාධිපති අගමැති වෙන සිහින වල… ඉතිං රට හැදෙයිද” – අර්ජුන

colombotoday

රත්වත්තේට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ රැඳවියන්ට ආරක්ෂාවක් සපයන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස්

colombotoday

දුරකථන, සෞඛ්‍ය සේවා ගාස්තු ඉහළට.. වැඩි වූ වැට් බද්ද, දූෂණ බද්ද ලෙස නම් කරයි

colombotoday