Colombo Today Local News

තීන්දු අවශ්‍ය විදිහට නොදුන්නොත් පවුල පිටින් මරණවා කියා තර්ජණය කරා – යහපාලන ඇමති රන්ජන්ට විරුද්ධව මහාධිකරණ විනිසුරු පැමිණිලි කරයි….

තමන්ටත් තම පවුලේ සාමාජිකයන්ටත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරයෙකු වූ රංජන් රාමනායක විසින් මරණ තර්ජනය කළ බව කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් වැඩබලන පොලිස්පති වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුගිය 9 වන දින ඔහු විසින් මෙම පැමිණිල්ල යොමු කර ඇත.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා ට විරුද්ධව අධිකරණයේ තිබූ කටයුතු වලදී දඬුවම් දීමට මෙසේ බලපෑම් කළ බවද ලිඛිත ප්‍රකාශයේ දැක්වෙයි.

එවකට තම දියණිය සහ පුත්‍රයා පාසැල් යන වයසේ සිටි බවත් ඔවුන්වද අනතුරකට පත් කරන බව රාමනායක රාජ්‍ය ඇමතිවරයා දන්වා තිබූ බවද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් තමන් 2015 ජූලි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිඛිත වාර්තා කළ බවත් එවකට පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට ලිඛිතව දැනුම් දුන් බවත් මෙම ලිඛිත පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එක් අවස්ථාවක තමන් ඉදිරියේ පැවැති නඩුවක් සම්බන්ධයෙන් අපේක්ෂා කරන අරමුණ ඉටු නොවේ නම් ජනතාව උසාවිය වටලා ගල් ගැසීමට ද ගිනි තැබීමට සූදානමක් පවතින බව රාමනායක හිටපු රාජ්‍ය ඇමතිවරයා තමාට දැන්වූ බවද විනිසුරුවරයා සඳහන් කර ඇත.

ඔහුගේ බලපෑම් වලට තමන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා එදින රන්ජන් රාමනායක විසින් තමන් පාර්ලිමේන්තුවේදී දැඩිව විවේචනය කළ බව පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වෙයි.

Related posts

ජවිපෙ මීළග නායකයා සුනිල් පෙරේරා !!

colombotoday

“මං උඹට කුඩු පට්ටම් වෙන්න ගහනවා..” නිශාන්තගේ හඬ පටයක් එළියට

colombotoday

මුස්ලිම් ආගමික අමාත්‍යංශයේ අනුමැතියෙන් නේවාසික වීසා ලැබූ මුස්ලිම් ජාතිකයන් 200 ක් රට තුළ !

colombotoday

GSP+ බදු සහනය 2023 දක්වා ලබා දෙන බව යුරෝපා සංගමය කියයි

colombotoday

අකිලට, රුවන්ට අලුත් තනතුරු… කබීර්ට උසස්වීමක්… රවී, සජිත් වෙනස් නොවෙයි… එජාපයේ රැඩිකල් වෙනස මෙන්න

colombotoday

කාංචන විජේසේකර ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ…

colombotoday