Colombo Today Local NewsTop Stories

අකිලට, රුවන්ට අලුත් තනතුරු… කබීර්ට උසස්වීමක්… රවී, සජිත් වෙනස් නොවෙයි… එජාපයේ රැඩිකල් වෙනස මෙන්න

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් මහතාද මහලේකම්වරයා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද පක්ෂයේ දේශපාලන උපදේශන මණ්ඩලය විසින් ඊයේ (25) තෝරා පත් කර ගැණිනි.

පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත් වුයේ අමාත්‍ය නවීන් දිසානායක මහතාය. මහා භාණ්ඩාගාරික ලෙස රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාද තේරී පත් විණි.මෙම තෝරා ගැනීම් සිදු වුයේ දේශපාලන උපදේශන මණ්ඩලයේ වැඩි කැමැත්ත මතය පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද උප නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතාද දේශපාලන මණ්ඩලයේ ඒකමතික තීරණයෙන් යළි තේරි පත් විය.

මෙම තනතුරු අද (26) රැස් වෙන පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනිමට නියමිතය..

සෙසු නිලතල සඳහා අද පැවැත්වෙන පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි තෝරා පත් කර ගැනිමට තීරණය විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදි දේශපාලන උපදේශන මණ්ඩලය රැස් විණි. පුරා පැය දෙකකට අධික කාලයක් රැස්විම පැවැත්විණි.

Related posts

මහ වැස්සේ කාණුවට වැටුණු තිදරු මවක් මරු දකී

colombotoday

සම්මුතිය අවසන්.. ශ්‍රීලනිප ඇමතිවරු 18ක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරයි !

colombotoday

යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාස වලින් පිටතට යාම තහනම් කරති

colombotoday

රන්ජන්ට සජිත්ගේ සන්ධානයෙන් නාම යෝජනා !

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මැතිසබයට

colombotoday

දකුණු ඉන්දියාවේ සිට රහසේ පැමිණ සැඟවී සිටි සරණාගතයකු හා ඔහුගේ දියණිය අත්අඩංගුවට

colombotoday