Colombo Today Local News

තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධය අවසන් වී අදට වසර 11ක්

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ විසින් දියත් කල ඒ මහා කුරිරු යුද්ධය ත්‍රස්තවාදය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාද නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජිවිතක්ෂයට පත්විමත් සමඟ නිමාවට පත් කර අදට(18)දිනට එකළොස් වසරක් සපිරෙයි.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද ලංකාවේ ආරක්ෂක අංශ වෙත හිමි වෙයි.

මානුෂිය මෙහෙයුම සඳහා නායකත්වය දුන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වර්ථමාන අග්‍රාමාත්‍යවරයා ලෙසත්, ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වර්තමාන ජනාධිපතිවරයා ලෙසත් ජනාධිපති ධුරයේ කටයුතු කිරිම විශේෂත්වයක්.

එමෙන්ම යුද හමුදාවේ සේනාංකාධිපතිවරුන් ලෙස කටයුතු කරමින් මානුෂිය මෙහෙයුමේ පෙරමුණේ සිටි මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා වත්මන් ආරක්ෂක ලේකම්වරයා ලෙසත්, ලුතිනන් ජනරාල් ශවේන්ද්රම සිල්වා මහතා වත්මන් යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කිරිම විශේෂත්වයක් වෙයි.

සමස්ත ජාතියම යුද ජයග්‍රහණයේ ප්‍රතිඵල භුක්ති විදිය යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර යුද්ධ හමුදාවේ සෙසු නිලයින් 14,617 දෙනෙකුට උසස්වීම් ලබා දිමට පියවර ගෙන තිබේ.

යුද හමුදා මාධ්‍ය අංශය පවසන්නේ රටේ ජන ජිවිතයට තර්ජනයක් එල්ල වන ස්භාවික විපත් ත්‍රස්ත තර්ජන, ගෝලීය වසංගත වැනි ව්‍යසනයන් හිදි යුද හමුදා සමාජිකයින් සිදුකරන කැපකිරිම් සඳහා වටිනා කමක් ලබාදිමේ අරමුණින් මෙම උසස් වීම් ලබා දෙන බවයි.

Related posts

ඇමරිකානු සෙබළුන් එන්නේ තුවක්කුත් අරගෙනයි..- SOFA ගිවිසුම ගැන කිරිඇල්ල කියයි

colombotoday

දැන් තියන්නේ මෙලෝ රහක් නැති ඇමති මණ්ඩලයක් සහ අගමැති කෙනෙක්..

colombotoday

රාජිතගේ පුතු ඇස් දෙකෙන් දැක්කා කියූ ඩොලර් සැගවූ ගිණුම්වල මහින්දගේ නම නැතිලු

colombotoday

කඹ ඇදීම, කොට්ට පොර හා සංගීත සංදර්ශනවලට අවසර නැහැ – අලුත් අවුරුද්දට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි

colombotoday

“නාම යෝජනා ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – පොහොට්ටුවෙ අවුල විමල් හෙළිකරයි

colombotoday

නොදන්නා කොරෝනා ඖෂධ ගැන කියන්න ගිහින් සජිත් ප්‍රේමදාස අමාරුවේ වැටෙයි. මහාචාර්ය චන්න ජයසුමන ලිපියකින් කරුණු කියා දෙයි.

colombotoday