Colombo Today Local News

ඤාණසාර හිමියන් නිදහස් කරන්න ඉල්ලා හින්දු කෝවිල් 400කින් ජනපතිට ලිපි….

දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා හින්දු කෝවිල් 400ක් විසින් වෙන වෙනම ලිපි සකස් කර මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාට භාරදීමට සැලසුම් කර තිබේ.

මෙම ලිපි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත (17දා) දිනයේ භාරදීමටත්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම ලිපි ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමටත් සමස්ත ලංකා හින්දු  සම්මේලනය යොදාගෙන තිබේ.

ඥානසාර හිමියන්ට ඉතා ඉක්මනින් ජනාධිපති නිදහස ලබාදිය යුතුය යන්න හින්දු ජනතාවගේ අදහසයැයි සමස්ත ලංකා හින්දු සම්මේලනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර වයඹ ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් එම පළාතේ සියලුම ශාසනාරක්ෂක බලමණ්ඩලවල ඉල්ලීම් ඇතුළත් ලිපියක් වයඹ ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතාට ලබන18 වැනිදා භාරදීමට සැලසුම් කර තිබේ.

Related posts

රාජසන්තක කළ කහ කිලෝ 13,000ක් කුළුබඩු මණ්ඩලයට

colombotoday

චීනයේ කිනිතුල්ලන් ගෙන් ව්‍යාප්තවන තවත් වෛරසයක්… 07ක් මරුට

colombotoday

විද්‍යාජෝති ආචාර්ය සී. ආර්. පානබොක්කේ අභාවප්‍රාප්ත වෙයි

Admin

කැලණි ගගේ ජල මට්ටම පහලට

Admin

ඇඳිරිනීතිය කැඩූ 11ක් අත්අඩංගුවට

colombotoday

සහරාන්ගේ ලිපිගොනු සැගවූ අයට අපරාධ චෝදනා නෑ. | කොමිසම දෙබිඩි පිළිවෙතක. | ජනාධිපතිතුමනි 2.50 නිර්දේශ දාන්න කුණු කූඩයට

colombotoday