Colombo Today Local News

ජනාධිපතිවරණයට පෙර කරුණා අම්මාන් ඝාතනය කිරීමට කිලිනොච්චියේ සිට අවි ආයුධ ප්‍රවාහනය කරලා

ජනාධිපතිවරණයට පෙර නැගෙනහිර පළාතේදී කරුණා අම්මාන් ඝාතනය කිරීම සඳහා කිලිනොච්චියේ සිට අවි ආයුධ ප්‍රවාහනය කර ඇති බව දැනට කෙරෙන ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම්වලදී අනාවරණය වී ඇත.

බුද්ධි අංශවලට හෙළිවී ඇති අන්දමට ඝාතන ක්‍රියාවලිය සැලසුම්කර ඇත්තේ ඉන්දියාවට පැමිණ සිටින ස්විස් කොටි ජාලයේ නායකයන් පිරිසකගේ මෙහෙයවීමෙනි.

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කළ පරීක්ෂණවලින් පසුව ජෝෂප් පීටර් රොබින්සන් (36) නමැති කිලිනොච්චිය, අම්බාල්කුලම් අංක 442 ලිපිනයේ පදිංචි කොටි සාමාජිකයකු අත්අඩංගුවට ගෙන සේරුනුවර පොලිසියට භාරදී තිබිණි. ඒ ටී. 56 ගිනි අවියක් සමගය.

එම කොටි ත්‍රස්තයා හෙළි කළ තොරතුරු මත කිලිනොච්චියේ පිහිටි නිවසේ සිවිලිමක සඟවා තැබූ අවි ආයුධවලට අමතරව යාපනය, කොන්ඩාවිල්වරනි ඉඩමක් පසුපස සඟවා තිබූ කිලෝ පහළොව බැගින් වූ අත්බෝම්බ (ක්ලේමෝ) දෙකක් ඊයේ (14 වැනිදා) සොයාගෙන ඇත.

මෙම කොටි ත්‍රස්තයාගේ කිලිනොච්චියේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී ටී 56 අවියක්, පිස්තෝල තුනක්, අත්බෝම්බ 05ක්, දුරවිදින අර්ධ ස්වයංක්‍රීය රයිෆල් 01ක්, කොටි නායක ප්‍රභාකරන්ගේ ඡායාරූප සහිත ටී ෂර්ට් 04ක් ඇතුළුව පතොරම් තොගයක්, බෝම්බ පුපුරවන ඩෙටනේටර 62ක් ඇතුළු උපකරණ තොගයක් පෙරේදා (13 වැනිදා) සොයා ගැනිණි.

ඒ සමග සැකකරුගේ නිවසේ සිටි බිරිඳ හා සහෝදරියද අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම කොටි ජාලය යාපනය, කිලිනොච්චි හා ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගෙන ඉන්දියාවට පැමිණ සිටින ස්විස් කොටි නායකයකු විසින් මෙහෙයවා ඇත. යුද හමුදා සන්නද්ධ බළකාය කාලයක් තිස්සේ යළි හිස ඔසවන්නට වෙර දරන කොටි කණ්ඩායම් පසුපස ගොස් හෙළිකරගත් තොරතුරු මත මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ සති ගණනක පටන්ය.

එම කොටි ජාලයේ ක්‍රියාකාරකම් ඔත්තුකරුවන් ලවා නිරීක්ෂණය කිරීමේදී ඉලක්කය නැගෙනහිරදී කරුණා අම්මාන් ඝාතනය කිරීම බව හෙළිවී ඇත. 2018 ජුනි මාසයේදී ඔඩ්ඩුසුඩාන් හා පුදුකුඩිඉරිප්පුහිදී කරන්ගේ කොටි ජාලය අල්ලාගත් හමුදා බුද්ධි අංශ කරන ලද දීර්ඝ විමර්ශනයකදීත් කරුණා අම්මාන් ඝාතනය කිරීමට ස්නයිෆර් අවි දෙකක් නැගෙනහිරට එවූ සැලසුමක් අනාවරණය විය. එම අවි ගොඩගෙන තිබුණේ කුමාන්කුලම්වලදීය.

ස්නයිෆර් අවි නැගෙනහිරට ගෙන ආවේ කරුණා අම්මාන්ට අමතරව ජනපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නැගෙනහිරදී ඉලක්ක කිරීමට බව එවකට කරන ලද බුද්ධි මෙහෙයුම්වලදී අනාවරණය විය.

කිලිනොච්චියෙන් ඇල්ලූ අවි ආයුධ හා කොටි ත්‍රස්තයන් ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා සන්නද්ධ බුද්ධි බළකාය දීර්ඝ විමර්ශනයක් අරඹා ඇත.

තිස්ස රවීන්ද්‍ර/ මාධව කුලසූරිය

Related posts

වත්මන් රජයට ඉදිරි මැතිවරණයකදී සියයට 20කවත් ඡන්ද නෑ. | ජන වරමක් නැති රජයක් සමඟ ගනුදෙනු කිරීමට IMF සූදානම් නැහැ

Admin

FCIDය අහෝසි කරන්න අගමැති සමග ශ්‍රීලනිපය තීරණාත්මක සාකච්ඡාවක්

colombotoday

වැඩිකළ ඉන්ධන කෝටාව ඉදිරි සතියේදීත් ලැබෙයි

Admin

සජිත්, නවීන්, ඉන්දික අනූ නවයෙන් බේරෙයි.. හෙලිකොප්ටරය එළවලු කොටුවේ !

colombotoday

වෙසක් පුන් පොහෝ දිනේ බත්තරමුල්ලේ සුපිරි වෙළදසැලක මස් විකුණයි!

colombotoday

යහපාලන TOP 10 කම්බා හොරු එළිදකි

colombotoday