Colombo Today Local Newsfeatured

ජනපති සිරිසේනගේ පාලනය යටතේ සිදුකල පාපයෙන් මිදීමටනම් ඥානසාර හිමි නිදහස් කල යුතුමයි

පසුගිය වසරේදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර 19 ක සිර දඩුවමක් බරපතල වැඩ සහිතව වසර 6කින් ගෙවී යන ලෙස අභියාචනාධිකරණය නියම කල අතර ඒ පිළිබද සිංහල බෞද්ධ ජනතාව මෙන්ම දෙමළ, මුස්ලිම් ජනතාව පුදුමයට සහ දැඩි කලකිරීමට පත් වී ඇති අතර සමාජය තුල දැඩි කතාබහකට ලක්ව ඇත.

ඒ අතරම මේ එලඹෙන පෙබරවාරි 04 නිදහස් දිනය සමගාමීව බොදුබල සේනාවේ මහ ලේකම් ඥාණසාර හිමියන්ට පොදු සමාව ලැබෙන බවට මේ දිනවල දේශපාලන කරලියේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. මේ පිළිබදව වෙබ් අඩවියක් සඳහා බොදුබල සේනා සංවිධානයේ විධායක නිළධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා පලකල අදහස් මෙසේය….

නිදහස් කරයිද කියලා මම දන්නෙ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම නිදහස් කල යුතුයි.. එසේ නොකලහොත් මේ මහා අපරාධයට, පාපයට ජනපති සිරිසේනට අනාගතයේදී වගකියන්න වේවි.. ඒ විතරක් නෙමේ අගමැති රනිල්, කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ පාර්ලිමේන්තුව වගකියන්න ඕනේ… විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නිහඩව සිටීම මේ සත්‍ය ගැන කතා නොකිරීම වගේම චම්පික රණවක ඇමතිවරයා, උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විශේෂයෙන් මෙසේ නිහඩ වීම කනගාටුවක් නෙමේ අපරාධයක්, පාපයක්… අසාත් සාලිලා, ජමීතුල් උලමලා මේ අයට වඩා හොදයි… සමහර එජාප ඇමතිවරු හා විශේෂයෙන් බුද්ධ ශාසන ඇමැති ජයවික්‍රම පෙරේරා කෙලින් හාමුදුරුවෝ ගැන කතා කලා.. තව අය ඉන්නවා.. මහින්ද වගේම ගෝඨාභය රාජපක්ෂ ලා මේ ගැන මුස්ලිම් ජන්ද වලට බයේ කතා නොකර සිටීම ලැජ්ජාවක්.

අපේ ඥාණසාර හාමුදුරුවෝ සිරකර සිටින්නේ නොකල වරදකට, අසාධාරණ දඩුවමක් දීලා තියෙන්නේ.. උසාවියට ඉදිරිපත් කල බොරු සාක්ෂි ඔප්පු කලොත් විනිසුරුට කරන්න දෙයක් නැහැ.

මේ දඩුවම දේශපාලන හා අධිකරණ කුමන්ත්‍රණ මගින් කල අපරාධයක් .

මේ පිටුපස්සේ නීතීඥ සංගමය ඉන්නවා.. රාජ්‍ය නොවන ආයතන ඉන්නවා කියා අපි සැක කරනවා..

අපිට සත්‍ය. සමාජගත කරන්න රාජපක්ෂ රෙජීමයේ මාධ්‍ය වගේම මංගල සමරවීරගේ මාධ්‍ය මාෆියාව ඉඩ දුන්නේ නැහැ.

ජනාධිපති යහපාලනය වෙනුවට පක්ෂ දේශපාලනයට යට වීම නිසා මේ දේශපාලන හා අධිකරණ කුමන්ත්‍රණ අපරාධය නිවැරදි නොකලහොත් ඒක අර රජකාලේ භික්ෂුවක් උණු තෙල් කටාරමක රත්කලා වගේ පාපයක්. මේ පාපය නිසා සුනාමියක් වන එක වලක්වන්න බැහැ. ඒක ස්වභාවධර්මය හා ස්වභාවික යුක්තිය විසින් අනිවාර්යයෙන්ම සිදු කරනවා…

මේ කරපු අපරාධයට වගකිවයුත්තන් සොයා දඩුවම් කල යුතුයි.

ඇත්තෙන්ම ඥාණසාර හිමි අදම නිදහස් කරන්න ජනාධිපති සිරිසේන කටයුතු කල යුතුයි. සිය පාලනය යටතේ සිදු කල මෙම අපරාධයට රජය ඥාණසාර හිමිගෙන් සමාව ඉල්ලා උන්වහන්සේට හා උන්වහන්සේගේ මවට වන්දි ගෙවිය යුතුයි. බොදු බල සේනාවට වන්දි ගෙවිය යුතුයි. අවසාන වශයෙන් කියන්නේ මාධ්‍ය හරහා ජනතාව ඉදිරියේ බෞද්ධ කම දේශපාලන ප්‍රචාරයට නොයොදා, මේ බුදුන්ගේ දේශයේ බුද්ධ පුත්‍රයෙකුට වුන අසාධාරණයට අවමානයට ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා සහ සියළු දේශපාලඥයන් සියළු දෙනාට මේ ආනන්තරිය පාප කර්මයෙන් මිදීමට නම් ඥාණසාර ස්වාමින්වහන්සේ නිදහස් කර ලෝකවාසී භික්ෂුන් වහන්සේලාගෙන් සමාව ගත යුතුයි.

මෙසේ කටයුතු කොට අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය ආරක්ෂා කිරීමට ජනාධිපති ප්‍රමුඛ රජය වහා ක්‍රියා කල යුතුයි.

Related posts

අගමැති ධුරය අතහරින්න සූදානම්

colombotoday

සමෘද්ධිලාභී හැම පවුලකටම සූර්ය පැනලයක්… රු 3500ක මාසික ආදායමක් සමග ජාතියට විදුලිය

colombotoday

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

Admin

විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉහළ නංවන්න අලුත් තීරණයක්

Admin

පාස්කු ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය බිඳ වැටීමේ පළිගැනීමයි – වසර 5කට පසු ISIS ලොක්කා නැවතත් කරළියට

colombotoday

ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව නඩුව දිනපතා විභාග කිරීමට තීරණයක්

colombotoday