Colombo Today Local News

ජනපති නපුරෙක්… ශ්‍රීලනිපයෙන් එජාපයට පනින අයට ඇමතිකම් නොදීම නරක වැඩක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එන මන්ත්‍රීවරුන්ට ඇමැති තනතුරු නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා පැවැසීම ඉතා නරක නපුරු තත්ත්වයකැයි පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය.

රත්නායක මහතා මේ බව පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි සඳහන් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.

බිමල් රත්නායක මහතා මෙසේද කීය.

   “ශ්‍රී ලංකා නිදහසේ  පක්ෂයෙන් ආණ්ඩුවට එන අයට ඇමැති තනතුරු නොදීම නපුරු තත්ත්වයක්. නමුත් ජනාධිපතිතුමා ළඟට එන අයට ඇමැතිකම් දෙනවා. එය හොඳ දේශපාලනයක් නෙවෙයි. ජනපති තනතුර පෞද්ගලික වාසියට නොව රට වෙනුවෙන් පාවිච්චි කළ යුතුයි.

ලොකු තනතුරු ලැබුණාම සමහරුන්ට අං නොව අං තට්ටු එනවා. ජනාධිපතිතුමා දැන් හිතන්නේ එතුමා එංගලන්තයේ බකිංහැම් මාළිගාවේ කෙනෙක් විදිහටයි.”

Related posts

අරක්කු මිල ඉහළට

Admin

ගංගා 6ක වැලි නිධි පිහිටා ඇති ස්ථාන ගැන සමීක්ෂණයක්

colombotoday

පොලිස් රාජකාරියට බාධා කළ දෙදෙනෙක් අත්අඩංගුවට..

colombotoday

අධිකරණ කටයුතුවලට බාධා කල රැට්ටා පොලිස් අත්අඩංගුවට

colombotoday

වූහාන් මරු කටින් ගලවා ගැනීමට ඕස්ට්‍රේලියා රජය එරට පුරවැසියන්ගෙන් ඩොලර් 1000ක් අයකරයි…

colombotoday

ලොරියක ගැටුණු පා පැදියේ ගිය සිව්දරු මවක් මරුට

Admin