Colombo Today Local News

චන්ද්‍රිකාගේ සමග වෙල්ගමත් එක්වෙයි… මහ සමුළුවක් තියා සජිත්ට සහය පල කරන්න යයි !

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපසභාපතිවරයෙකු හා මතුගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා තීරණය කර තිබේ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන 05 වැනිදා විශේෂ සමුළුවක් පවත්වා මෙම තීරණය රටට දැනුම් දීමට ඔවුන් කටයුතු කරගෙන යන බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් එදින සවස 2.00ට ආරම්භ කෙරෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු,පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්,මන්ත්‍රිවරුන් ඇතුලු පිරිසක් එක්වීමට නියමිතය.

Related posts

ත්‍රීරෝද රථයක ගැටී තවත් හඳුන් දිවියෙකු මියයයි

colombotoday

නාරාහෙන්පිට අභයාරාමයට තහංචියක්.. මින්පසු දේශපාලන කටයුතු තහනම් !

colombotoday

ඉකුත් පැය 48ට අධිවේගීයෙන් ලක්ෂ 700ට අධික ආදායමක්

Admin

මෙවර මැතිවණ තරඟ අපේක්ෂකයෙකුගේ නිවසක මුරකරු හා සුනඛයා අභිරහස් ලෙස මිය යයි

colombotoday

මිහින්තල පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

‘සයින්දමරුදු වලට වෙනම නගර සභාවක් ලබාදීම අනුමත කරන්න බෑ…

colombotoday