Colombo Today Local News

ගෝඨාට ඡන්දය දෙන්න කිසිදු බාදාවක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2018 ඡන්ද හිමි නාම ලේඛනය යටතේ බව ද රාජපක්ෂ මහතා එම ලේඛනයේ ලියාපදිංචි වී ඇති බව ද හෙතෙම කීය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය ලබා තිබූ කාලය පුරාම ද ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වී ඇති බව එම නිලධාරියා තවදුරටත් පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ප්‍රකාශ කළ නොහැකි බවට පවතින ප්‍රකාශ සම්බන්ධයෙන් කළ විමසීමකදී මැතිවරණ කොමිසම මේ අදහස් සඳහන් කළේය.

Related posts

කොටුව පොලිසියේ නිලධාරියෙක්ට කොරෝනා – කටුනායක කම්හල් දෙකක තවත් 60කට වෛරසය ආසාදනය වෙයි

colombotoday

හාලිඇල නාය යාමක්… අවදානම් කලාපයේ පවුල් 10ක් ඉවත් කරයි

Admin

රනිල් ගෝඨා භය

colombotoday

කොරෝනා ආසදිතව සුව වී දින 2කින් තරුණියක් මිය යයි

colombotoday

තද වැසි පිළිබද අවදනාත්මක නිවේදනයක්

colombotoday

චීන කොඩිය එසවීමෙන් තහවුරුයි.. හම්බන්තොට වරායේ ක්‍රියාත්මක වන්නේ චීන නීතියයි

colombotoday