Colombo Today Local News

ගෝඨාට එරෙහි මැදමුලන නඩුවට අතුරු නියෝගයක්

මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්කි විභාගය අත්හිටුවමින්  ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම සළකා බැලූ බුවනෙක අලුවිහාරේ,ගාමිණි අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කළේය.

හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.

එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර තිබිණි.

එම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම විභාග කිරීමට තමන්ට බලයක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණය පසුව එය විභාගයට නොගෙනම  ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.

එම අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට  ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී  ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදුන්නේය.

මෙම අභියාචන පෙත්සම් විභාගය ඔක්තෝබර් 1 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විශේෂ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින් මෙම අතුරු නියෝග නිකුත් කළේය.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති  නීතීඥ රොමේෂ්  ද සිල්වා , නීතීඥ සුගත් කල්දේරා යන මහත්වරුන් ද නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.

Related posts

ඇඟලුම් උපාංගවලට තීරු බදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday

නාත් අමරකෝන් මහතා දිවි සැරිය නිම කරයි.. පක්ෂයේ අයිතිය ගැන මැ.කො. සභාපතිට ලිපියක් !

colombotoday

පියුමි හා චන්දිමාල් මිලියනය බැගින්වූ ශරීර ඇප මත මුදාහරී

colombotoday

සතියකින් ලොහාන් රත්වත්ත හිරේ නොදැම්මොත් පොලිස්පතිට නඩු

colombotoday

ජනපති ඝාතන ඉන්දීය රෝ කුමන්ත්‍රණය මට කීවේ දේදුණු පාට කැබිනට් ඇමතියි – The hindu මාධ්‍යවේදිනිය කියයි..

colombotoday

මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

colombotoday