Colombo Today Local News

කෝටි දෙකක කේරළ ගංජා තොගයක් මන්නාරමෙන් හමුවෙයි…

තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සඟවා තිබියදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 150 ක් සොයාගෙන තිබෙනවා.

නාවික හමුදා බුද්ධි තොරතුරක් මත නාවික හමුදාව හා පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදීයි අදාළ ගංජා තොගය සොයාගෙන ඇත්තේ.

ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බවයි පොලිසිය සඳහන් කළේ.

ජාවාරම්කරුවන් විසින් බෝට්ටු මගින් ගෙනැවිත් මෙරට බෙදාහැරීම සඳහා සූදානම් කර තිබියදී ඒවා සොයාගෙන තිබෙනවා.

ගංජා තොගය මන්නාරම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන තලෙයිමන්නාරම පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

Related posts

පොලිසියට තග දැමූ මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

Admin

මහවිල මූකලාන රක්ෂිතයේ අක්කර 30ක වසර සිය ගණනක් ඉපැරණි ගස් කපා විනාශ කරයි

colombotoday

දැඩි සුළඟින් විදුලිය බිඳවැටීම් දාහතර දහසක්

Admin

වැටලීමකදී අතුරුදන්වූ කොස්තාපල්වරයාගෙ සිරුර හමුවෙයි

Admin

‘විශ්ව බුද්ධ’ යලි රක්ෂිත බන්ධනාගාරයට

Admin

ඩේටා කැපිල්ලක් සමග බිල ඉහළට, දුරකථන බිලත් නගී..? පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday