Colombo Today Local News

කොවිඩ් -19 වැළඳී මියගිය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි

කොවිඩ්-19 වැළඳීමෙන් මිය ගිය ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි පිරිනැමීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව මියගිය අය අතුරින් 14 දෙනෙකු වෙනුවෙන් අදාළ ලිපි ගොනු දැනටමත් ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව වෙත යොමු කොට තිබේ.

එම මියගිය 14 දෙනා අතරට පිරිමි ශ්‍රමිකයින් 12 දෙනෙකු හා කාන්තා ශ්‍රමිකයින් දෙදෙනෙකු ඇතුළත් වේ.

ඔවුන්ගෙන් 9 දෙනෙකු සෞදි ආරාබියේදී මියගොස් ඇති අතර, තවත් සිව් දෙනෙකු කුවේට් හා එක් අයෙකු ඩුබායිහීදි මිය ගොස් තිබේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව අතර, විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් ඇති කරගත් රක්ෂණ ගිවිසුමට අනුව යමින් කොවිඩ්-19 වැළඳීමෙන් මිය යන කාර්යාංශයේ ලියාපදිංචි ශ්‍රමිකයින්ට මෙම වන්දි පිරිනැමේ.

මෙයට අමතරව කොවිඩ් හේතුවෙන් මියගිය බව තහවුරු කරගත් 23 දෙනෙකුගේ ආගමික කටයුතු සඳහා රු.40,000 බැගින් ගෙවීමටද මේ වන විට කටයුතු යොදා තිබේ.

කොවිඩ්-19 වැළදීමෙන් මිය ගිය තවත් ශ්‍රමිකයින් පිරිසකගේ ලියවිලි කාර්යාංශයට ලැබෙමින් පවතින අතර, ඔවුන් වෙනුවෙන්ද රක්ෂණ වන්දි පිරිනැමීමට ඉදිරියේදී කටයුතු කෙරේ.

Related posts

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි

Admin

ඉන්දියන් සාගරයේ භූ කම්පන

Admin

සමෘද්ධි බැංකු සියල්ලම වෙනත් බැංකුවට ආදේශ කරනවා – ඇමති දයා ගමගේ

colombotoday

SAITM තීන්දුව පිලිගන්න වෙනවා.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ

colombotoday

අර්ජුන මහේන්ද්‍රන්ගේ ‍තවත් ගැහිල්ලක් හෙළිවෙයි. BOI සභාපතිව සිටිය දී මිලියන ගණන් යටිමඩ ගහලා

colombotoday

මාදම්පේ ජනතාවගේ දේව කන්නලව්ව

colombotoday