Colombo Today Local News

කොච්චිකඬේ කෝටිපති යාචකයා දෙමහල් නිවසක් හදයි !

සිරිපාල පමුණුව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. විවාහකයෙකි. හරිහමන් රැකියාවක් නොකළ ඔහු ජීවත්වීම ස`දහා නොයෙක් දෑ සිදු කළේය. ඒ මොනදේ කළත් ඔහුට ජීවත්වීම ස`දහා ප‍්‍රමාණවත් මුදලක් සොයා ගැනීමට නොහැකි විය. එම නිසා නිවස තුළද ඔහුට සැනසීමෙන් කාලය ගත කිරීමට නොහැකි විය. එහි ප‍්‍රථිඵලය වූයේ නිවස තුළ නිතරම ගැටුම් ඇතිවීමයි.

තවත් දුක් වි`දින්න බැහැ. කෙලෙස හෝ මේ ආර්ථික ආගාධයෙන් ගොඩ ආ යුතුය. ඔහු නිතරම පාහේ කල්පනා කළේය. එහෙත් ඔහුට ඒ ස`දහා මගක් නොතිබුණි. ඒ අතර දිනක් ඔහු මෙලෙස කල්පනා කළේය. ‘‘යාචකයෙක් ලෙස වෙස්වලාගෙන ගොස් පන්සලක් හෝ පල්ලියක් ළ`ග සි`ගමන් යදිනවා. එතකොට කිසි ප‍්‍රශ්නයක් නැහැ. හො`ද ගාණක් හොයා ගන්න පුළුවන්.’’

එලෙස සිතූ ඔහු දිනක් නිවසින් පිටවිය. පිටවී ඔහු කොළඹ අවට පන්සල්, පල්ලි ආදී ස්ථාන නිරීක්ෂණය කළේය. ඒ තමන්ට සි`ගමන් යැදීම ස`දහා සුදුසු තැනක් සොයා ගැනීම ස`දහාය.

බෙල්ලන්විල විහාරය, කැලණි විහාරය ආදී ප‍්‍රසිද්ධ විහාරස්ථාන වෙත ගියත් ඔහුට එම එක් ස්ථානයකවත් සි`ගමන් යැදීම ස`දහා සිත් ගත්තේ නැත. එම නිසා ඔහු කොටහේන ප‍්‍රදේශයේ රවුමක් ගැසුවේය. එහිදී ඔහුට කොච්චිකඬේ පල්ලිය නෙත ගැටුණි. එම ස්ථානය සි`ගමන් යැදීමට තමන්ට සුදුසු යැයි ඔහු සිතා ගත්තේය.

ඒ අනුව පැය ගණනක් ඔහු එම පල්ලිය අසළ සිට යාචකයන් හැසිරෙණ අයුරු ඔහුන්ට මිනිසුන් මුදල් ලබාදෙන අයුරු නිරීක්‍ෂණය කළේය.

‘‘මෙතන තමයි මට සි`ගමන් යදින්න සුදුසුම තැන. ඒක නිසා පරක්කු නොවී හෙට ඉ`දන්ම එන්න ඕනෑ.’’ එලෙස සිතු ඔහු නිවස බලා පිටත් විය.

නිවස වෙත ගිය ඔහු පසුදා සි`ගමන් යැදීම ස`දහා සූදානම් විය. ඒ ස`දහා අවශ්‍ය පරණ ඇ`දුමක් තෝරා ගත් ඔහු බොරු කොණ්ඩයක් සහ රැවුලක්ද මිලදී ගත්තේය.

පසු දින උදාවිය. සි`ගමන් යැදීමට අවශ්‍ය එම උපකරණද රැගෙන ඔහු නිවසින් පිටවිය. එලෙස පිටවූ ඔහු කොච්චිකඬේ පල්ලිය ආසන්න ස්ථානයකට ගොස් ඇ`දුම් පැළ`දුම් මාරුකරගෙන යාචකයකුගේ වෙස් ගත්තේය.

යාචක වෙස් ගෙන ඔහු කොච්චිකඬේ පල්ලිය ආසන්නයේ පදික වේදීකාවේ හි`දගත්තේය. ඔහුට එලෙස සිටීමට හැකි වූයේ සුළු වේලාවක් පමණි. අනෙක් යාචකයෝ පැමිණ සිරිපාලව එළවා දැමීමට උත්සාහ කළහ. එහෙත් සිරිපාල ඒවා තඹ සතේකටවත් මායිම් කළේ නැත. ඔහු එම යාචකයන්ට තර්ජනාත්මක ස්වරූපයෙන් ‘‘පුළුවන් දෙයක් කරන්න මම මෙතනින් යන්නේ නැහැ.’’ කියා පැවසුවේය.

එම තර්ජනයත් සමග මොහු එසේ මේසේ කෙනෙක් නොවේ යැයි අනෙක් යාචකයෝ සිතූහ. එම නිසා ඔහුට කිසි කරදරයක් නොකර ඔවුහු එතැනින් පිටවූහ. ඉන් පසු සිරිපාල නිදහසේ සි`ගමන් යැද්දේය. පළමු දිනම ඔහු සැලකිය යුතු මුදලක් සොයා ගෙන තිබුණි.

එදින සවස 7.00 ට පමණ ඔහු නිවසට පැමිණියේ සි`ගමන් යැද ඉපයූ මුදල්වලින් මත්පැන් පානය කරමින්ය. එයට අමතරව නිවැසියන්ටද ඔහු මුදලක් ලබා දුන්නේය. එම නිසා නිවැසියන්ගෙන් එදින ඔහුට සුවිශේෂී සැලකිල්ලක්ද හිමි විය.

එතැන් පටන් සිරිපාල දිනපතාම පාහේ කොච්චිකඬේ පල්ලිය ආසන්නයේ සි`ගමන් යැදීමට පටන් ගත්තේය. දින කිහිපයක් ගතවෙද්දී ඔහුගේ දිනක ආදායම රැපියල් 5000 ක් පමණ විය.

සිරිපාලාගේ බිරි`ද ඇතුළු පිරිස අළුත් රැකියාවට විශාල කැමැත්තක් දැක්වූවේය. ඒ හො`දහැටි මුදල් ලැබෙන නිසාය.

කලක් යද්දී ඔහු සි`ගමන් යැද ඉතුරුකර ගත් මුදල්වලින් දෙමහල් නිවසක් තැනුවේය. ඉන් පසු ඒ නිවසට නවීණ පන්නයේ ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ ආදී සියලූ දේ මිලට ගත්තේය. එතැනින් නොනැවතුණ ඔහු සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්ද මිලදී ගත්තේය. එයට අමතරව තම දෙමහල් නිවසේ උඩ තට්ටුව මාසයකට රුපියල් 30,000 කට කුළියටදී තිබුණි.

කිසිවකුටත් හොරා සි`ගමන් යැද සිරිපාල දැන් ගෙවන්නේ සුඛෝපභෝගී ජීවිතයකි. කාලය එසේ ගෙවී ගියේය.

දිනය පසුගිය 23 වැනිදාය. සිරිපාල සුපුරුදු පරිදි කොච්චිකඬේ පල්ලිය අසළ සි`ගමන් යදිමින් සිටියේය. වෙළෙන්දෙක් තම පළතුරු කරත්තය ඒ අසළ නවතා දමා පෞද්ගලික අවශ්‍යතාවයකට එළියට ගියේය. සිරිපාල මේ දෙස නෙත් යොමා බලා සිටියේය.

විනාඩි 10 ක් පමණ ගතවිය. වෙළෙන්දා තවම පැමිණියේ නැත. සිරිපාලට අමුතු අදහසක් පහළ විය. ඒ පළතුරු සමග එම කරත්තය සොරකම් කිරීමටයි. ඒ අනුව කි‍්‍රයාත්මක වූ ඔහු වටපිට බලා කිසිවකුටත් නොපෙනෙන අයුරින් එම කරත්තය මද දුරක් තල්ලූකර ගොස් යම් කිසි ස්ථානයක සැ`ගවුවේය.

එලෙස ස`ගවා තබා ඔහු තව මිනිසෙකු මුණ ගැසුණි. මුණගැසී ඔහුට මෙලෙස පැවසුවේය. ‘‘මේ පළතුරු කරත්තය පමුණුවේ මගේ නිවසට ගිහින් දාන්න. මම ඒකට කුලිය වශයෙන් රුපියල් 5000 ක් දෙන්නම්.’’ එම මිනිසා එක පයින්ම එම යෝජනාවට කැමැති විය. ඒ අනුව ඔහු පළතුරු කරත්තය සිරිපාලගේ නිවසට රැගෙන ගියේය.

මේ කිසිවක් නොදත් වෙළෙන්දා පැමිණ පළතුරු කරත්තය නවතා දැමූ ස්ථානයට පැමිණියේය. පළතුරු කරත්තය එතැන නොමැත. ඔහුගේ ඉහමොළ රත්විය. රුපියල් 20000 ක පමණ පළතුරු එහි තිබුණි. පිස්සුවෙන් මෙන් ඔහු පළතුරු කරත්තය සෙව්වේය. එහෙත් ඔහුට එය සොයා ගැනීමට නොහැකි විය.

කවුරුන් හෝ එය සොරාගන්නට ඇතැයි ඔහු අනුමාන කළේය. ඒ අනුව වෙරළබඩ පොලිසියට ගොස් ඔහු මේ සිද්ධිය පිළිබ`ද පැමිණිල්ලක් දැමුවේය.

පැමිණිල්ලට අනුව එම පොලිස් නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ. පළමුව ඔවුහු ඒ අවට සී.සී.ටී.වී. පරීක්ෂා කළේය. එහිදී ඔවුන්ට දැකගන්න ලැබුණේ යාචකයකු එම කරත්තය රැගෙන යන බවයි. ඒ අනුව එම පොලිස් නිලධාරීහු එම සැකකාර යාචකයා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළේය.

ප‍්‍රශ්න කිරීම් හමුවේ යාචකයා පොලිස් නිලධාරීන්ට සියලූ විස්තර පැවසුවේය. ඒ අනුව අනාවරණය වූයේ මෙම යාචකයා සි`ගමනේ යෙදෙමින් කෝටි ගණනක මුදල් උපයා ඇති බවයි. ඒ අතරට ඔහුගේ දෙමහල් නිවස සහ සුඛෝපභෝගී මොටර් රථ දෙකද ඇතුළත්ය.

මීට පෙරද මෙවැනි කෝටිපති යාචකයන් කිහිප දෙනෙක්ම නීතියේ රැහැනට කොටුවී තිබුණි. ඒ අතර මුදල් පොලියට පවා දුන් යාචකයෝ සිටියහ.

ගයාන් සමරසිංහ

Related posts

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමේ තීරණයක්

colombotoday

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි

Admin

යහපාලන පාර්ලිමේන්තු මංත්‍රී හේෂාන් විතානගේට භාණ්ඩ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා.

colombotoday

විනිවිද පෙනෙන බෑග් එකක පොත් රැගෙන පාසල් එන්න – මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක්

colombotoday

කළුතර වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්

Admin

ආවා කල්ලියේ ලොක්කෝ තිදෙනා ඉන්දියාවෙන් අල්ලයි

colombotoday