Colombo Today Local News

කටුනායක ගුවන්තොට හරහා කෙරෙන මහා මිනිස් ජාවාරමක් හෙළි කරගනී

ව්‍යාජ ජර්මානු ගුවන් ගමන් බලපත‍්‍රයක් භාවිත කර ශ‍්‍රී ලංකාව හරහා නවසීලන්තයට යෑමට උත්සාහ කළ ඉරාන ජාතික කාන්තාවක ඉකුත් 02වැනිදා කටුනායක ගුවන් තොටුපළ ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , යළි පිටුවහල් කර තිබේ .

මෙම ඉරාන ජාතික කාන්තාව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට ඉකුත් 2වැනිදා සවස 3.15 ට තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඉන්පසුව ගුවන් තොටුපළ ආගමන කවුළුව වෙත පැමිණි ඇය , මාර්ගස්ථ වීසා බලපත‍්‍රයක් ලබා ගෙන ,පැය කීපයක් ගුවන් තොටුපළ තුළ රැදී සිටීමෙන් පසුව නවසීලන්තය බලා ගමන් කිරීමට සැලසුම් කර තිබුණි .

මෙම අවස්ථාවේ දී ගුවන් තොටුපළ එම ස්ථානයේ රාජකාරීයේ නියුතුව සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරිවරයා වෙත ඇය ඉදිරිපත් කළ ජර්මානු ගුවන් ගමන් බලපත‍්‍රයෙහි තොරතුරු , ආගමන විගමන දෙපාර්තමේන්තු තොරතුරු පද්ධතියට ඇතුළු කළ අවස්ථාවේදී , මෙම ගුවන් ගමන් බලපත‍්‍රය ජාත්‍යන්තර පොලීසියෙහි දත්ත පද්ධතියෙහි ඇතුළත්ව ඇති එකක් බවට වූ සංඥාවක් නිකුත් විය .

ඉන්පසුව මෙම ආගමන විගමන නිලධාරීවරයා , මෙම ගුවන් ගමන් බලපත‍්‍රය ප‍්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර , එසැණින්ම කොළඹ පිහිටි ජාත්‍යන්තර පොලිස් තොරතුරු පද්ධති කාර්යාංශයෙන් ද මේ පිළිබඳව විමසීමක් සිදු කර තිබේ. එහිදී මෙම ගුවන් ගමන් බලපත‍්‍රය ජර්මානු ජාතික කාන්තාවකට අයත් එකක් බවත් , එය විදෙස් රටකදී අස්ථානගත වී ඇති එකක් බවටත් අනාවරණය විය.

මේ බව තහවුරු කර ගැනීමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ තුළ ක‍්‍රියාත්මක දේශ සීමා ආවේක්ෂණ ඒකකය වෙතද මෙම ගුවන් ගමන් බලපත‍්‍රය යොමු කිරීමට පියවර ගෙන තිබුණි. එම ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන ලද තාක්ෂණික පරීක්ෂණවලින්, මෙම ගුවන් ගමන් බලපත‍්‍රය මෙම ඉරාන ජාතික කාන්තාවට අයත් එකක් නොව,ජර්මානු ජාතික කාන්තාවකට අයත් එකක් බවට සනාථ විය .

මෙම ගුවන් ගමන් බලපත‍්‍රයෙහි ඇතුළත් විද්‍යුත් දත්ත චිපය පරීක්ෂා කළ දේශ සීමා ආවේක්ෂණ නිලධාරීන් , මෙය මෙම ඉරාන ජාතික කාන්තාවගේ රුව ඇතුළත් කර ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බව තහවුරු කර ගත් අතර , ඉන්පසු මෙම කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු ස`දහා යොමු කර තිබේ .

මෙම ගුවන් ගමන් බලපත‍්‍රය හිමි ජර්මන් ජාතික කාන්තාව ඉකුත් 2016 වසරේ දී ශ‍්‍රී ලංකාවේ සංචාරයක් ස`දහා පැමිණ ඇති බවට ආගමන විගමන දෙපාර්තමේන්තු තොරතුරු පද්ධතිය ඇසුරෙන් සිදු කරන ලද පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය විය .

පසුව මෙම ඉරාන ජාතික කාන්තාව ඇසුරෙන් සිදු කළ විමර්ශනවලදී , මේ ආකාරයට ඉරාන ජාතිකයන් ව්‍යාජ ගුවන් ගමන් බලපත‍්‍ර යොදා ගෙන නවසීලන්තය වෙත සරණාගතයින් ලෙස රැගෙන යෑමේ මහා මිනිස් ජාවාරමක් අනාවරණය කර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සමත් වූහ.

මෙම ජාවාරමේදී ශ‍්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ මාර්ගස්ථ ගුවන් ගමන් හුවමාරු මධ්‍යස්ථානය ලෙස ඔවුන් භාවිත කරන බවද ,ඒ අනුව මේ වනවිටත් දහස් ගණනක් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ඉරාන ජාතිකයන් සරණාගතයින් ලෙස නවසීලන්තය වෙත ගොස් ඇති බවද ,ඔවුන්ගෙන් වැඩි පිරිසකට මේ වනවිට එරට පුරවැසිභාවය හිමි වී ඇති බවද අනාවරණය විය .

මෙම විමර්ශනවලින් පසුව,මෙම ඉරාන ජාතික කාන්තාව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන්ම ,ආපසු තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත ආපසු පිටුවහල් කිරීමට ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගත්හ.

Related posts

සිරිකොතේ වෙඩි තැබීමක්.. අලියාට හානියි

colombotoday

මේ අවුරුද්දේ සිදුවන මහා පාවාදීම් තුනක් ගැන හෙළිදරව්වක් !

colombotoday

පාතාල නායක ‘කුඩු නුවන්‘ අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday

තවත් මුස්ලිම් දොස්තර කෙනෙක් ගැන බදුල්ලෙන් පැමිණිළි… සිසේරියන් සැත්කමෙන් පසු දරුවන් නෑ…

colombotoday

බුදුන් මිනිමස් වැළදුවායැයි අපහාසකළ තවුහිඩ් ජමාත් අබ්දුල් රාසික්ට එරෙහි නඩුව හෙට

colombotoday

“තෙල් සේවකයන්ට ගහපු එක සාධාරණයි.. ඕව මොනවද, පොඩි කේස්නෙ” – නලින් බණ්ඩාර

colombotoday