Colombo Today Local News

කටුනායක ඇගළුම් කම්හලක තවත් සේවකයින් 11 කට කොරෝනා

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි නෙක්ස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර පවසනවා.

මිට පෙර එම ඇගළුම් කම්හලේ සේවිකාවකට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවීම සමග එම කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සියලුම සේවකයින් PCR පරීක්ෂණ වලට ලක් කිරීමට කටයුතු කර ඇති අතර එම වාර්තා අද සවස මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට ලැබී තිබුණා.

එම ප්‍රතිඵල වලට අනුව මෙම ඇගලුම් කම්හලේ සේවිකාවන් 02 දෙනෙකුට සහ සේවකයින් 09 දෙනෙකුට මෙම රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙසේ කොරෝනා රෝගය ආසාදනය වූ සේවක පිරිස වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමට මේ වනවිට කටුනායක සෞඛ්‍ය බලධාරීන් පියවර ගනිමින් සිටියි.

Related posts

අර්ජුන් මහෙන්ද්‍රන් සුද්ධයි !! වංචා හෙළි කළ නිලධාරීන් දඬුකඳට

colombotoday

ආර්ථිකයට අන්තිමයි.. අගමැති‍‍ තිත්ත බේත අඹරනවා.. ඉස්සරහට තව අමාරු වෙයි

colombotoday

දියවන්නා ඔයෙන් නාඳුනන මළ සිරුරක්

colombotoday

ආනයනික අර්තාපල් බද්ද රු.30කින් ඉහළට

Admin

හිටපු ජනපති නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

colombotoday

18ට වැඩි නම් බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්යයි

Admin