Colombo Today Local News

උතුරේ ඉඩම් නිසි අයිතිකරුවන්ට දෙන්න උතුරු ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

යාපනය දිස්ත්‍රික්කයේ ආරක්ෂක හමුදා විසින් භාවිත කරනු ලබන රජයේ සහ පෞද්ගලික ඉඩම් හඳුනාගෙන ඒවා නිසි අයිතිකරුවන්ට භාරදීමට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කඩිනම් වැඩපිලිවෙල යටතේ මෙය ක්‍රියාත්මක වන බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පෙන්වා දෙනවා.

යාපනය දිස්ත්‍රික්කයේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් මේ වන විට අත්පත් කරගෙන සිටින පෞද්ගලික ඉඩම් පිළිබද තොරතුරු ලබාදෙන ලෙස එම ඉඩම් හිමියන්ට දැනුම් දී ඇති අතර එම තොරතුරු ආණ්ඩුකාර ලේකම් කාර්යාලය වෙත ලබන 09 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.

Related posts

ශ්‍රී ලංකාව තුල තහනම් ඉස්ලාම් අන්තවාදී සංවිධාන යලිත් ප්‍රසිද්ධියේ වැඩ අරඹයි

colombotoday

නිවසකට පොල්ගෙඩි බාගයක් ප්‍රමාණවත්. පරිභෝජනයෙන් 30%ක් අපතෙ යනවා

colombotoday

රටේ නායකයා රජ රටින්.. හාල් පිටරටින් !

colombotoday

බූරු මූණා තවදුරටත් රිමාන්ඩ්

Admin

වීරකැටියේ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් මරුට

colombotoday

මෙවර මැතිවරණ අපේක්ෂකයන්ගෙන් 80% කටම මත්පැන් තැබෑරුම්

colombotoday