Colombo Today Local News

‘ආවා’ කල්ලියෙන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්! නිවාස සහ වාහනවලට හානි!

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලිය විසින් ඊයේ (19 දා) උදෑසන යාපනයේ කොකුවිල් කරුවාප්පුලම් ප‍්‍රදේශයේ නිවාස දෙකකට එල්ල කළ පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයකින් එම නිවාස දෙකට හා වාහන තුනකට අලාභ හානි සිදුව තිබේ.

මෙම ප‍්‍රහාරයෙන් නිවෙස් දෙකේම ජනෙල් හා දොරවල්වලට අලාභ හානි සිදුව ඇති අතර එක් නිවසක ඉදිරිපස නවතා තිබූ වෑන් රථයකට හා යතුරුපැදියකට ද අනෙක් නිවසේ තිබූ යතුරු පැදියටකද හානි සිදුව තිබේ.

බෝම්බ ප‍්‍රහාරය නිසා එම වාහන ගිනි ගෙන දැවී ගොස් ඇති අතර මෙම බෝම්බ ප‍්‍රහාරය සඳහා යතුරුපැදිවලින් අට දෙනෙකු පැමිණ ඇති බවට කොකුවිල් පොලිසියට තොරතුර ලැබී ඇත.

මෙම ප‍්‍රහාරයෙන් එක් නිවසක කොටසක් ගිනිගත් අවස්ථාවේදී යාපනයේ ගිනි නිවන ඒකකයේ පිරිසක් පැමිණ එම ගින්න නිවා දමා තිබේ. යාපනයේ කොකුවිල් පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වා ගෙන යයි.

පසුගිය දා රූපවාහිනි නාළිකා දෙකක සජීවී වැඩසටහන් සඳහා සම්බන්ධ වූ ආවා කල්ලියේ සාමාජිකයකු ලෙස හඳුන්වා ගත් අරුන් සිද්ධාර්ථන් ප්‍රකාශ කළේ ආවා නමින් කල්ලියක් උතුරේ නැති බවත් එය ඇතැම් දේශපාලකයන්ගේ නිර්මාණයක් බවය.

Related posts

නවකවදය රතු දේශපාලනයේ බල මෙවළමක් වන්නේ කෙසේද? – ඉසුරු ප්‍රසංග

colombotoday

යතුරු පැදියයේ පෙට්‍රල් සොරකම් කිරීම නිසා ඇතිවූ ආරවුලකින් එහි හිමිකරු මරුට

colombotoday

නීති විරෝධීව රැස් කර විකුණන්න ගිය ඉන්ධන ලීටර් 1500ක් මාට්ටු

colombotoday

ජනාධිපතිගේයි, අගමැතිගේයි ඇමතිකම් බෙදීම විද්‍යාත්මක – තාර්කික වෙන්නේ නෑ

colombotoday

මිහින්තලා මහා සෑයට නුදුරින් ගව ඝාතකාගාරයක්

colombotoday

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වෙයි

Admin