Colombo Today Local News

“ආර්ථිකය අවුලෙන් අවුලට ගිහින්.. රටේ ණය ප්‍රමාණය අහන්න වෙන්නේ වයිමගෙන්” – විගණකාධිපති

සමස්තයක් ලෙස ගතහොත් රට ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය ‘වයිමා‍ගෙන් ඇසිය යුතු’ බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව පසුගිය වසරේ නොවැම්බර් 30 වැනිදා වනවිට රුපියල් ට්‍රිලියන 10.3ක් (රුපියල් 10,338,767,000,000) ණය වශයෙන් ගෙවිය යුතුව තිබූ බවත්වි ගණකාධිපතිවරයා සඳහන් කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ජනරජ මූල්‍ය ප්‍රකාශනවලට අනුව 2016.12.31 වැනිදා වනවිට හඳුනාගෙන ගිණුම්ගත කර තිබෙන වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.1ක් බවද විගණකාධිපතිවරයා සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේඛනවල ඇතුළත් නොවූ හඳුනාගත් ණය ශේෂය රුපියල් බිලියන 826ක් (826,091,000,000) බවද ඔහු පවසා සිටියේය.

සමස්තයක් ලෙස ගතහොත් රට ලබාගෙන තිබෙන ණය ප්‍රමානය ‘වයිමාට තබා වයිමාගේ පුතාට’ හෝ කිව නොහැකි බවද විගණකාධිපතිවරයා සඳහන් කළේය.

ව්‍යාපෘතිවලට ණය ලබාගැනීම යටතේ ගෙවීගිය දශකයකට ආසන්න කාලය තුළ මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් බිලියන 136ක ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙන බවත්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 37ක් ණය වශයෙන් ලබාගෙන තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.

ජනරජයේ මූල්‍ය ප්‍රකාශන අනුව 2016.12.31 වැනි දින වනවිට රුපියල් ට්‍රිලියන 8.8ක් (8,860,770,462,316) ණය ලබාගෙන තිබූ බවත්,  එම ණයවලින්රුපියල් 5,101,651,635,036ක් දේශීය ණය වන අතර, රුපියල් 83,306,771,400ක් මහබැංකු අත්තිකාරම් බවත්,රුපියල් 3,675,812,055,880ක් විදේශීය ණය බවත්හෙතෙම පවසා සිටියේය.

ගෙවීගිය දශකයකට අධික කාලයක් තුළ රට විශාල වශයෙන් ණය ලබාගෙන තිබෙන බවත්, එහෙත් ණය ගෙවීම සඳහා මුදල් උත්පාදන වැඩපිළිවෙළක් නොමැති බවත් ගාමිණී විජේසිංහ මහතා කියා සිටියේය.

පසුගිය දශකය, එක හමාරක කාලය තුළ මූල්‍ය විනය පිරිහී ගොස් ඇති අතර, මේ  නිසා මූල්‍ය විනය ඇති කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් කෙළින් කළ යුතු බවද විගණකාධිපතිවරයා සඳහන් කළේය.

ගණන් ගන්නා නිලධාරීන් හෙවත් අමාත්‍යාංශ ලේකම්වරුන් දේශපාලඥයන් විසින් පත් කිරීමට පටන් ගත්දා සිට ප්‍රශ්න ඇති වෙමින් තිබෙන බවත්, එහෙත් මීට පෙර ස්ථිර ලේකම්වරුන් සිටි බවත් ඔහු පවසා සිටියේය.

විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවලට අනුව ගිණුම්ගත කරන ලද රාජ්‍යණය ප්‍රමාණය සැලකූවිට එය 2015 වසරේදී රුපියල් බිලියන 2142ක් බවත්, එය 2016 අවසන්වනවිට රුපියල් බිලියන 8861 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් පවසා සිටියේය.

මේ අනුව මෙම කාලය තුළදී ණය ප්‍රමාණය රුපියල් බිලියන 6719කින් ඉහළ ගොස් තිබෙන බවත්, 2005 වසර අවසන් වනවිට පැවැති මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 293ක් බවත් කීවිගණකාධිපතිවරයා,එය 2016 අවසන්වනවිට රුපියල් බිලියන 794ක් බවද කියා සිටියේය.

2005 වසරේදී ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල්  108,908ක් වූ බවත්, 2016 දෙසැම්බර් 31 වැනි දිනට එම මුදල් රුපියල් 417,913ක් වූ බවත් ඒ මහතාපවසා සිටියේය.

2015 දෙසැම්බර් 31 වැනි දින වනවිට ඒකපුද්ගල ණය ප්‍රමාණය වූයේ රුපියල් 373,462ක් බවත්, මේ අනුව වසරක් තුළ රුපියල් 44,451කින් ඒකපුද්ගල ණය ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන අතර, එය ප්‍රතිශතයක් ලෙස 12%ක ඉහළ යෑමක් බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

මුං වගාව බේරා ගන්න ගිය ගොවියා ගින්නට බිලි වෙයි

Admin

“ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන්න”

colombotoday

“බැදුම්කර හොරා ඉල්ලා අස්වෙනු“ අගමැතිගේ රුව සහිත පෝස්ටර් රට පුරා..

colombotoday

කොළඹ වැසෙන පාරවල්

Admin

විජේදාස රවීගේ රෙදි ගලවයි

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවීම මාර්තු 2 වැනිදා – මැතිවරණය අප්‍රේල් 25වැනිදා

colombotoday