Colombo Today Local News

ආන්දෝලනාත්මක වීඩියෝව ගැන මහචාර්ය චන්න ජයසුමනගෙන් ප්‍රකාශයක් !

පසුගිය දිනක කොළඹ පදනම් ආයතනයේ දී පැවති පොතක් එළිදැක්වීමේ අවස්ථාවකදී තමන් කල ප්‍රකාශයක් පිළිබදව සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතින ආන්දෝලනාත්මක වීඩියෝව පිළිබදව මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.

අදාල දේශනයෙන් උපුටාගත් කොටස් කිහිපයක් සංස්කරණය කර අර්ථය විකෘතිවන ආකාරයෙන් පලකර ඇති බව පවසන ජයසුමන මහතා, මෙය සිදුකර ඇත්තේ පසුගිය ජනාධිපතිවරණය සමයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඡායාරූපයක් විකෘති කර මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසූ ඇමතිවරයා බවද චෝදනා කරයි.

අදාල දේශනයේ දී තමන් අදහල් පළ කළේ එදින එළිදැක්වූ ග්‍රන්ථයේ සදහන් යෝජනා පවතින දේශපාලන වාතාවරණය හා ගැළපෙන ආකාරය පිළිබදව බවද ඒ මහතා පවසයි.

මැතිවරණ උණුසුමක් පවතින අවස්ථාවකදී තමන් හිස්බුල්ලා, සාෆී වැනි පුද්ගලයන් පිළිබදව දක්වන අදහස් විරුද්ධවාදී කදවුරේ පිරිස් සිය වාසිය සදහා අවභාවිතා හැකි බැවින් ඔවුන් පිළිබදව අදහස් දැක්වීමේදී ප්‍රවේශම් වෙන ලෙස තම කදවුරේ පිරිස් වෙතින් ඉල්ලීම් ලැබෙන බවත්, ඒ හැර කිසිදු අවස්ථාවක හිස්බුල්ලා හෝ සාෆි පිළිබදව කරන ප්‍රකාශවලට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු දේශපාලන අධිකාරියෙන් බලපෑම් එල්ල වී නොමැති බවද හෙතෙම අවධාරණය කරයි.

කෙසේ වෙතත් දැන උගත් පරපුරට නාම යෝජනා ලබා දීම පිළිබදව තම කදවුර තුළ සංවාදයක් පවතින බවත්, ඒ සදහා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශාල අවස්ථාවක් ලබා දී තිබෙන බවත්, ඉදිරි දින කිහිපයේදීත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවනේ තමන් ඇපකැප වන බවත් ජයසුමන මහතා කියා සිටී.

https://www.facebook.com/jayasumanachanna/videos/2556240108034051/

Related posts

දකුණු කොරියානු තානාපති ජනපති හමුවෙයි

Admin

රට කළඹන නව රැල්ලක් ! අපේ නායකයා ගෝඨා.. 2019 ජනපතිවරණය දිනනවා නිසැකයි – විමල් කියන කතාව මෙන්න

colombotoday

රාජිතව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

colombotoday

ශ්‍රී ලංකාවේ ටයර් වලට ඇමරිකාවෙන් විශේෂ බද්දක්.. රබර් කර්මාන්තය අවදානමක !!

colombotoday

TID නාලක සිල්වාට තවත් බරපතල චෝදනාවක් : අත්අඩංගුවට ගැනීමට යයි !

colombotoday

VAT පනත නීති විරෝධීයි.. ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි.. නව පනතක් ගේනවා – අගමැති කියයි

colombotoday