Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ටයර් වලට ඇමරිකාවෙන් විශේෂ බද්දක්.. රබර් කර්මාන්තය අවදානමක !!

මෙරට නිෂ්පාදනය කොට ඇමෙරිකාව වෙත අපනයනය කෙරෙන ටයර් සඳහා විශේෂ බද්දක් පැනවීමට ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම පියවර ගෙන තිබේ. ඊට හේතුවී ඇත්තේ ඇමෙරිකාව තුළ නිෂ්පාදනය හා අලෙවි වන ටයර් ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන ටයර්වල මිලට වඩා ඛෙහෙවින් අඩුවීමයි. ඇමෙරිකාවේ ටයර් නිෂ්පාදන කර්මාන්තශාලා වන ටයටන් හා යුනයිටඩ් ස්ටීල් ටයර් කර්මාන්තශාලාවල කම්කරුවන්, වෘත්තිය සමිති කිහිපයක් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹීමට ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම තීරණය කර තිබේ.

ඇමෙරිකානු ටයර් කම්හල් සේවකයන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම මගින් පවසා තිබුණේ විදේශයන්ගෙන් ඇමෙරිකාවට ආනයනය කරන ටයර් සඳහා බදු ඉහළ දමන ලෙසයි.

මෙරට තුළ අඩු මිලක් යටතේ ශ්‍රමය ලබාගැනීම, අඩු වැටුප්, අඩුමිලට ටයර් නිෂ්පාදනය කොට අපනයනය තුළින් ඇමෙරිකාවට අපනයනය කෙරෙන මෙරට ටයර් අඩු මුදලකට අලෙවි කළ හැකිය. මෙම තත්වය හේතුවෙන් ඇමෙරිකාව තුළ නිෂ්පාදනය වන ටයර්වලට වඩා අඩු මිලකට මෙරට ටයර් අලෙවි වේ. එමගින් ඇමෙරිකානු රබර් නිෂ්පාදකයන්ගේ රැකීරක්ෂා අවදානමකට ලක්ව ඇතැයි පෙත්සම මගින් පෙන්වා දී ඇත.

මේ තත්වයෙන් අපහසුතාවට පත්වන ඇමෙරිකානු ටයර් නිෂ්පාදකයන් රැකගැනීමේ අරමු‚න් මෙම විශේෂ බද්ද පැනවේ.

ඒ අනුව මිල අඩුකිරීම පාලනය සඳහා වන බද්ද මෙලෙස ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන ටයර් සඳහා පැනවෙනු ඇත. මෙරටින් අපනයනය කෙරෙන ටයර් සඳහා පනවා තිබුණේ 2.9%ක පමණ බදු මුදලකි.

නමුත් ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම පෙන්වා දෙන්නේ පසුගිය වසරේදී ඇමෙරිකාවට ආනයනය කෙරෙන ටයර් සඳහා 7.94%ක් 6.17%ක් බැගින් බදු පැනවූ බවයි. ශ්‍රී ලංකාවට පනවා තිබූ බදු මුදල ඊටත් වඩා ඛෙහෙවින් පහළ අගයක් ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

කෙසේ නමුත් මෙලෙස බදු ඉහළ දැමීම මගින් මෙරට ටයර් නිෂ්පාදකයන්ට මෙන්ම රබර් නිෂ්පාදකයන්ට ද අවදානම් තත්වයක් මතුවීමට ඉඩ ඇතැයි ද සඳහන් ය. මේ පිළිබඳ වැඩිදුර සලකා බැලීමෙන් අනතුරුව ලබන 17 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරන බවට ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම පවසා ඇත.

Related posts

බැදුම්කරය ගැන කතාකරන සර්වපාක්ෂික නායක හමුවට ජවිපෙ, ඒ්කාබද්ධය, TNA නොයයි

colombotoday

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ඩොලර් වලට අලෙවි කරයි

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාක්

colombotoday

කාල බෝතලේ තහනම් කරන්න යයි

colombotoday

දේශපාලනයට “ලේ” පිපාසය ගෙන ආවේ එජාපයයි – සිංහලේ ගැන බොදු බලේ කියන කතාව

colombotoday

නව ව්‍යවස්ථා නිර්දේශවලට මල්වතු – අස්ගිරි මහා නාහිමියන් එරෙහි වේ

colombotoday