Colombo Today Local News

ආණ්ඩුකාර නියෝගය නොතකා ශ්‍රීපාදස්ථානයේ නම වෙනස් කිරීමට මේ මැරයන් එව්වේ කවුද?

කිසිදු පාර්ශවයක් සමග සාකච්ඡා නොකර ශ්‍රී පාදස්ථාන නාම පුවරුව ‘ශිවපාදම්‘ ලෙසට නම් කිරීමට මස්කෙලිය ප්‍රාදේශීය සභාව විසින් සම්මතකරගත් යෝජනාව අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මෛත්‍රී ගුණරත්න මහතා නියෝගකර තිබියදීත්, එම නාමපුවරුව සවි කිරීම මස්කෙලිය ප්‍රාදේශීය සභාව අත්තනෝමතික ලෙස ක්‍රියාකර ඇත.

මෙලෙස ස්ථාන නාම පුවරු වෙනස් කිරීමට ප්‍රාදේශීය සභාවට බලයක් නොමැති බවත්, එම පුවරුව ඉවත් කිරීමට කටුයුතු කරන ලෙසත් නුවර එළිය ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලිපියක් යොමුකරමින් මධ්‍යම පළාත් කොමසාරිස්වරයා ද දන්වා ඇත.

ආගමික සංහිදියාවට බලපෑමක් එල්ලවිය හැකි මෙවැනි කටයුතු කිරීමට පෙර සියලු පාර්ශව සමග සාකච්චා කර සියල්ලගේ සම්මුතියෙන් සිදු කල යුතු බවට ආණ්ඩුකාරවරයා පලාත්පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව වෙත ඊයේ අදාළ නියෝගය කරමින් දන්වා තිබියදීත් එම නියෝගයට පිටතින්, ආගමික ගැටුමක් සඳහා දුරදිග යා හැකි තීරණයක් ක්‍රියාත්මක කිරීමට මස්කෙළිය ප්‍රාදේශීය සභා සභාපතිනිය ක්‍රියාකර ඇති අතර, ප්‍රාෙද්ශීය දමිළ දේශපාලකයන් විසින් උසිගැන්වූ පිරිසක් ඊයේ පෙරවරුවේ එම පුවරුව අසලට රැස්වී කලහකාරී ලෙස හැසිරෙන අන්දමද දක්නට හැකිවිය.

ශ‍්‍රී පාදයේ නම වෙනස් කිරීමට ප්‍රාදේශීය සභාවට බලයක් නෑ.. වහාම ඉවත් කිරීමට ආණ්ඩුකාරවරයාගෙන් නියෝග

Related posts

හිටවලා සති දෙකයි.. ජනපතිගේ නා පැළය හොරු ගලවන් ගිහන්

colombotoday

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

colombotoday

පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේදී වස දී ඝාතනය කරයි ?

colombotoday

එදා රෑ තමයි රෑ.. විමල්ගේ ‘නෝටි වැඩක්’ බානගල හිමියෝ ප්‍රසිද්ධ සභාවේ දිගහරී !

colombotoday

රියාජ් බදියුදීන් පාස්කු කොමිසමට

colombotoday

බේබද්දෝ ලංකාව ඉහළින්ම ඔසවා තබයි. ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයේ ලෝක වාර්තාව ලංකාවට

colombotoday