Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාව සම්මවුණොත් ලංකාව ඉවරයි… තුන් බිය දුරු කර රට ගොඩ ගන්න මග මහින්ද කියයි…

නව ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් නැවත ආරම්භ වී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර සිටියි.

 එම නිවේදනයේ මෙසේද දැක්වේ.

 2015 ජනවාරි 9 වැනිදා ආණ්ඩු වෙනසින් පසු අවුරුදු හතරක් ගතවෙන මේ මොහොතේ ශ‍්‍රී ලංකාව රටක් හැටියට තුන් බියක්ට ගොදුරු වී සිටී. ඉන් පළමුවැන්න ආර්ථිකය කුමන මොහොතක හෝ දරුණු බිඳවැටීමකට ලක් වීමේ අවදානමයි. මේ රට නිදහස ලැබූ 1948 පෙබරවාරි මස සිට 2014 දෙසැම්බර් මස අවසානය දක්වා ගතවුණු අවුරුදු 60 කට වැඩි කාලය තුළ විවිධ ආණ්ඩු ලබාගෙන ගෙවීමට ඉතිරි වී තිබුණු මුළු ණය ප‍්‍රමාණය මෙන් 50%කට වඩා මුදලක් වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගතවුණු අවුරුදු හතර ඇතුළත පමණක් ලබාගෙන ඇත. එජාප ආණ්ඩුව ණය ගන්නේ අපේ ආණ්ඩුව ගත් ණය ගෙවීමට යැයි කීවද, ගත් ණය ගෙවීමට පමණක් ණය ගත්තේ නම්, 2015න් පසු සමස්ත ණය ප‍්‍රමාණය වැඩි වීමට නොහැක. නමුත් කලින් ආණ්ඩු ගත් ණය එලෙසම තිබියදී ලංකාවේ මුළු ණය ප‍්‍රමාණය පසුගිය අවුරුදු හතර ඇතුළත 50%කින් වැඩි වී තිබේ.

 2006-2014 අතර අපි රට පාලනය කළ සමයේ මුල් අවුරුදු කිහිපය තුළ රටේ දරුණු යුද්ධයක් පැවතුණි. එයත් සමඟ 2007 ලෝක ආහාර අර්බුදය ඇතිවිය. 2008 -2009 කාලයේ දී 1930 ගණන්වලින් පසු ලෝකයේ ඇති වූ දරුණුම ආර්ථීක අවපාතය අපිට අත් විඳීමට සිදුවිය. එපමණක්ද නොව 2006 – 2014 කාලයේදී ඉතිහාසයේ පෙර නොවූ රූ ආකාරයට බැරලය ඩොලර් 140 දක්වා එකදිගටම දරුණු ලෙස තෙල් මිලද ඉහළ ගියේය. ඒ සියලූම කලබැගෑනි මැදින් වුවත් 2006 – 2014 අතර මුළු අවුරුදු නවය පුරාම රුපියල ඩොලරයට සාපේක්ෂව අවප‍්‍රමාණය වූයේ රුපියල් 28 කින් පමණි. නමුත් පසුගිය අවුරුදු හතර ඇතුළත පෙර කී ආකාරයේ කිසිම අර්බුදයක් නැතුවත් අපේ මුදල් ඒකකය රුපියල් 53 කින් අවප‍්‍රමාණය වී ඇත. අපේ කාලේ තිබුණු 7.4% ක සාමාන්‍ය වර්ධන වේගය අද 3% ටත් පහල තැනකට වැටී ඇත. ජනාධිපතිතුමා තත්ත්වය අවබෝධ කරගෙන මහ මැතිවරණයක් පවත්වා නැවත රට අපට භාරදීමට උත්සාහයක් දැරුවද ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. අපි අද සිටින්නේ ඊළඟ සතියේ, ඊළඟ මාසයේ, ආර්ථිකයට කුමක් වේදැයි නොදන්නා තත්ත්වයකය.

 * 19 සංශෝධනය නිසා පාලන තන්ත‍්‍රය බිඳ වැටීමේ අවදානමක්

 අපි මුහුණ දී සිටින ඊළඟ බිය වන්නේ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා මුළු පාලන තන්ත‍්‍රයම බිඳ වැටීමේ අවදානමයි. 19 වන සංශෝධනය නිසා, ආණ්ඩුවක් අයවැය හෝ රාජාසන කතාව පැරදුණත්, විශ්වාස භංග යෝජනාවකින් පැරදුණත් මොනම හේතුවකටවත් අවුරුදු හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැක. පාර්ලිමේන්තුවක් යනු විවිධ මතිමතාන්තර, පුද්ගලික උවමනා එපාකම් සහිත සංවිධාන හා පුද්ගලයන් සමූහයකි. පාර්ලිමේන්තු ක‍්‍රමය ශතවර්ෂ ගණනාවක් තිස්සෙ පරිණාමය වූයේ එවන් පිරිසක් යම්කිසි රාමුවක් තුළ රඳවාගෙන පාලනයක් ගෙන යෑමට හැකි වෙන ආකාරයටය. රටේ පාලනයට බලපෑමක් ඇති වෙන තැනට පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයක් තුළ මත ගැටුම් ඇති වුවහොත් මැතිවරණයක් කැඳවා ජනතා අභිමතය පරිදි නව පාලනයක් පත් කරගැනීමට ඉඩ හැරීම පාර්ලිමේන්තු ක‍්‍රමයේ ප‍්‍රධානම අංගයක් විය. අවශ්‍ය අවස්ථාවල ජනතාව ඉදිරියට යෑමේ ක‍්‍රමවේදය දැන් අහුරා තිබෙන නිසා ආණ්ඩු පක්ෂයට තමන්ගෙම මන්ත‍්‍රීවරුන් හා සභාග දේශපාලන පක්ෂ යම් රාමුවක් තුළ රඳවාගෙන කටයුතු කිරීමේ හැකියාව හීනවී ඇත.

 අපේ රටේ 1952, 1959, 1964, 2001 පාර්ලිමේන්තු විසුරුවීම් සිද්ධ වූයේ පාලක පක්ෂය තුළ ඇතිවූ ගැටුම් විසඳීමටය. අවශ්‍ය අවස්ථාවක පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ජනවරම උරගා බැලීමට ඇති අවකාශය ඇහිරීම රටකට කෙතරම් අහිතකර දැයි ඉදිරියේදී කාටත් පෙනෙනු ඇත. 1978 ව්‍යවස්ථාව ගැන මූලාරම්භයේ සිටම තිබුණු ප‍්‍රධානම විවේචනය වූයේ, ජනාධිපතිවරයා එක් දේශපාලන පක්ෂයකින් පත් වී සිටින අතර පාර්ලිමේන්තු බහුතරය තවත් පක්ෂයකට ගියහොත්, රටේ පාලනය අවුල් වෙන බවයි. මේ තත්වය මඟහැරීමට 1994 දීත්, 2001 දීත් ඇතිවූ පූර්වාදර්ශය වූයේ, බලයේ සිටින ජනාධිපතිවරයෙක් මහ මැතිවරණයක් කැඳවා, යම් හෙයකින් ඔහුට විරුද්ධ දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේ බලය දිනාගතහොත්, ඒ ආසන්න ජනමතයට ගරු කර රටේ පාලන බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවෙන් පත්වෙන අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට භාර දී ජනාධිපතිවරයා පසෙකට වී සිටීමයි. අද එවැන්නක් කළ නොහැක.

 * එජාපයට රට භාරදී ජනපතිට පසෙකට වී සිටීමට බැහැ

 මහ මැතිවරණයක් කැඳවා ජනවරම උරගා බැලීම ජනාධිපතිවරයාට තහනම් වුවත්, පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් සමඟ ආණ්ඩු පිහිටුවමින් රට ඉදිරියට ගෙන යෑමේ සම්පූර්ණ වගකීම 19 වන සංශෝධනය විසින්ම පවරා ඇත්තේ එම ජනාධිපතිවරයාටමය. ආණ්ඩුවේ ප‍්‍රධානියාත්, කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියාත්, වන්නේ ජනාධිපතිවරයාමය. එවන් ආණ්ඩුවක් කරන සෑම දේකටම ජනාධිපතිවරයාටද වගකීමට සිදුවේ. කලින් මෙන් ජනවරම ඇත්තේ කාටදැයි උරගා බැලීමට නොහැකි නිසා ආසන්න ජනවරමට ගරුකොට ජනාධිපතිට පාලනයෙන් අයින් වී සිටීමටද දැන් නොහැක. 2018 පළාත් පාලන ඡුන්දයෙන් පසු, එජාපයට ජනවරමක් නොමැති බවත්, ඔවුන් දිගින් දිගටම මැතිවරණ පැවැත්වීම මඟහරිමින් සිටින්නේ ඒ නිසාම බවත් මුළු රටම දනී. එවන් තත්ත්වයක් යටතේ, ජනාධිපතිතුමාට එජාපයට රට භාරදී පසෙකට වී සිටීමට කොහෙත්ම නොහැක. 19 වෙනි සංශෝධනයෙන් ඇතිකර තිබෙන මේ විකෘතිය නිසා රටේ පාලන තන්ත‍්‍රය සම්පූර්ණයෙන්ම අවුල් වීමේ අවදානමක් ඇත.

 අපේ රට ඉදිරියේ ඇති තුන්වෙනි බිය වන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත රට බෙදන ව්‍යවස්ථාවයි. ආණ්ඩුව එමඟින් බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන රාජ්‍යයන් වලට සමාන බලතල සහිත ෆෙඩරල් ඒකක නවයකට ලංකාව කැඞීමය. අද මධ්‍යම ආණ්ඩුව සතු සියලූම බලතල ඒ ඒ පළාත්වලට බෙදා දීමට නියමිතය. මේ හැම පළාතකටම වෙනම පොලීසියකුත් ඇති කිරීමට නියමිතය. හදිසි අවස්ථාවකදීවත්, මධ්‍යම ආණ්ඩුවට රටේ සාමය හා ඒකාග‍්‍රතාවය පවත්වාගෙන යෑමට ක‍්‍රියාමාර්ග ගැනීමට නොහැකි වෙන තරමට මධ්‍යම පාර්ලිමේන්තුවත්, නීති පද්ධතියත් බෙලහීන කිරීමට එමඟින් ප‍්‍රතිපාදන කෙටුම්පත් කර ඇත. මෙම නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර ඇත්තේද 19 වෙනි සංශෝධනය කෙටුම්පත් කර මුළු රටම අවුල් ජාලාවක් බවට පත් කළ අයමය.

 * අලූත් ව්‍යවස්ථාව සම්මත වුණොත් ලංකාව ඉවරයි

 මේ නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ පාර්ශවයම 2017 දී පළාත් පාලන හා පලාත් සභා වලට අලූත් මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වා දුන්නේය. ඒ අලූත් මැතිවරණ ක‍්‍රමය ගෙන ඒමට උඩ පැනගෙන කටයුතු කරපු අයම දැන් කියන්නේ ඒ ක‍්‍රමයට නම් ඉදිරියේ මොනම ඡුන්දයක්වත් පවත්වන්න එපා කියලාය. මේ පිරිසම හැ¥ අලූත් ව්‍යවස්ථාව සම්මත වුවහොත් රටක් හැටියට ශ‍්‍රී ලංකාවේ පැවැත්ම අවසන් වෙනු ඇත. අපට ආරංචි වෙන ආකාරයට, මේ ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමට මන්ත‍්‍රීවරුන් මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් නැවත ආරම්භ වී ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකාව අද මරණ තුනකට මැදි වී සිටී. මෙම තුන් බියෙන් රට ගලවා ගැනීමට හැකියාව ඇත්තේ මීට කලින්ද ජයගත නොහැකි යැයි කියූ අභියෝග ජයගෙන ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිඵල පෙන්වා ඇති මගේ නායකත්වය යටතේ ඇති විපක්ෂයේ දේශපාලන සන්ධානයට පමණක් බව මේ අවස්ථාවේදී සිහිපත් කර සිටීමට කැමැත්තෙමි.

Related posts

නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

සිරිසේන – රනිල් රූකඩ, නපුංෂක පාලනය මේ රට නැවත ලේ විලකට ඇදගෙන යනවා – ඤාණසාර හිමි

colombotoday

13 හැවිරිදි අක්කාව මල්ලී කෙලෙසලා

colombotoday

විදුලි කප්පාදුව දිගටම – විනාඩි 20කින් පමණක් අඩු කරයි

Admin

නාමල් පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් – විමල් වීරවංශ

Admin

වියදම කෝටි 175යි.. ඔස්ට්‍රේලියාවෙන් රෝගී කිරි හරක් තොගයක් ගෙන්වීමට සැරසේ… හරක් හොරකමේ තවත් කොනක් එළියට…

colombotoday