Colombo Today Local News

අලි සබ්‍රි ගේ කුපාඩි දේශපාලනය හා අල්-ටකියා දෙබිඩි කතා – චෝදනාවලට බොදු බලෙන් ප්‍රතිචාර !

ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා විසින් බොදු බල සේනා සංවිධානය පිළිබදව කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වා තිබෙනවා.

අලි සබ්‍රි නීතිඥවරයා යම් රැස්වීමකදී 2014 දී සිදුවූ අලුත්ගම ගැටුම පිළිබදව බොදු බල සේනා සංවිධානයට සහ දිලන්ත විතානගේ මහතාට චෝදනා කරමින් අදහස් දක්වා තිබුණු අතර, පසුගිය 8 වනදා දෙරණ ප්‍රවෘත්ති විකාශය මගින් එය ප්‍රචාරය විය.‍

කෙසේ වෙතත් අදාළ පුවතේ සත්‍ය අසත්‍යතාවය පිළිබදව විමසීම සදහා තමන් අලි සබ්‍රි මහතාව ඇමතූ බවත්, තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකල බව අලි සබ්‍රි මහතා පැවසූ බවත් ආචාර්ය දිලන්ත විතානගේ මහතා සදහන් කරයි. අදාල ප්‍රකාශය නිවැරදි කිරීම සදහා ජනාධිපතිවරණය ඉවරවන තුරු සිිටින්නැයි ඔහු පැවසූ බවද දිලන්ත විතානගේ මහතා සදහන් කරයි.

දිලන්ත විතානගේ මහතාගේ සම්පූර්ණ ප්‍රකාශ පහත දැක්වෙයි.

“2019 නොවැම්බර් 8 රාත්‍රී 10 දෙරණ ප්‍රවෘත්තිය බැලූ සමහර අය මට කතා කල අතර ඔවුන් තේරුම් ගෙන ඇත්තේ මා අලුත්ගම ගැටුම් වලට සම්බන්ද සම්බන්ධ බවය…එය ඉතා සාවද්‍ය ප්‍රවෘත්තියකි.

නීති විශාරදයකු වු අලි සබ්රි විසින් මේ ප්‍රකාශය කල බව එමගින් දක්නට ලැබුනි..

මා කිසිවිටකත් ප්‍රචණ්ඩත්වයට උදව් නොකරන අතර මා කිසිවිටකත් මුස්ලිම් හෝ වෙනත් ජනවර්ගයකට එරෙහි ජාතිවාදීයකු නොවේ. මා හැමවිටම සියලු අන්තවාදයන්ට හා ත්‍රස්තවාදයන්ට එරෙහිව සටන් කරන කෙනෙකි. මා පැහැදිලිව ඉස්ලාමික අන්තවාදයට හා ත්‍රස්තවාදයට එරෙහිව කතා කර ඇත්තෙමි. බොහෝ අය මේ ගැන කතා කරන්නේ 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුවය. එහෙත් මෙම ප්‍රහාරය හා ඉදිරියේත් විය හැකි එවැනි ප්‍රහාර වලක්වා ගැනීමට අපි මේ පිළිබදව 2013 සිට අදහස් ඉදිරිපත් කලෙමු.. එහෙත් මා හෝ බොදු බල සේනා නායකයකත්වය කිසිදු ප්‍රචන්ඩත්වයක් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සැලසුම් කර හෝ ක්‍රියාත්මක කර නොමැත…

‍රාජපක්ෂ යුගයේදි බොදු බල සේනා ජනප්‍රියත්වය හා ජනබලයට බියවූ සමහර පක්ෂ හා විපක්ෂ දේශපාලකයින් විසින් අපට එරෙහිව මාධ්‍ය යොදා ගනිමින් පහර දුන් අතර සමහරු බොදු බල සේනාවට විකල්ප ජාතික සංවිධාන අටවන ලදී..එමෙන්ම මුස්ලිම් විරෝධී වැඩසටහන් සිදු වූ අතර අපට සම්බන්ධයක් නොවූ එම සිද්ධින්හී නරක නාමය අපට ලැබෙන ලෙස මාධ්‍ය මෙහෙයුම් සිදුවිය..

රාජපක්ෂ රජයේ ජේෂ්ඨ අමාත්‍ය උපදේශකකයකු වූ මට රජයේ රැකියාවෙන් ඉවත්වීමට බලපෑම් එල්ල වුනි..මාගේ ජිවිත ආරක්ෂාවටද් බලපෑම් එල්ල විය.

මාගේ ජීවිතයේ අතිදුෂ්කර කාලයක් විය. කොළඹ ගෙට්වේ ජාත්‍යන්තර පාසලේ 5 වන ශ්‍රේණියේ උගත් මාගේ බාල දරුවා ගමේ පාසලට දමන්න තරම් මාහට ආර්ථික බලපෑම් මට ඇතිවිය..මා බාහිර කථිකාචාර්ය ල්ව්ස රැකියාව කල ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයට පවා මාගේ රැකියාව අහිමි කරන්නට බලපෑම් කරන ලදී..සමහර විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පවා මුදල් නොමැතිව්ය…මේ හැමවිටකම මාගේ සමහර මිතුරන් නිසා මා අද ජීවත් වෙමි..

මේ සියල්ල තුල බොදු බල සේනාවට එරෙහිව තොරතුරු එකතුකර ජාත්‍යන්තරයට ලබා දී ආධාර ලබා ගැනීමට කටයුතු කර තිබුනි..අපිට ඇමරිකානු විසා අහිමි විය, අපි ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් ලෙස ලේබල් විය. ඤාණසාර හිමි සිරගත කිරීම දක්වා මේ කුමන්ත්‍රණය බලපාන ලදි. 2019 අප්‍රියෙල් පාස්කු ප්‍රාහරයට මා පුපුරණ ද්‍රව්‍ය සැපයූ බවට රජයට තොරතුරු සපයා මා ඇතුලු මගේ හිතවතෙක් සිරගත කොට බොදු බල සේනාව විනාශ කිරීමටත් දක්වා මේ කුමන්ත්‍රණය දියත් විය. එහි අපේක්ෂිත ප්‍රතිඵලය වුයේ ඤාණසාර හිමි දිගටම සිරගත කිරීමය..ඔවුන්ගේ කුමන්ත්‍රණය සාර්ථක වුවා නම අදටත් ඤාණසාර හිමි සිරගතව දුක් විදිනු ඇත..

උසස් අධ්‍යාපන ලැබීමට ඇමරිකාවට ගිය මගේ ගේ දියණිය 2019 මැයි මස නිව්යෝර්ක් නගරයේදී ඇමරිකානු බුද්ධි අංශ පවා ප්‍රශ්න කරන තරමට මෙම ඉස්ලාම් අන්තවාදීන්ගේ හා දේශපාලන මාධ්‍ය බලවත් විය , දරුණු විය..

අලි සබ්රි ගේ ප්‍රකාශය හෝ දෙරණ ප්‍රවෘත්තිය අපට එරෙහිව සාක්ෂි එකතු කරන මුස්ලිම් අන්තවාදීන්ට කදිම උපකාරයකි..

මම අලිගෙන් විමසුවෙමි ඒ ප්‍රවෘත්තියේ සත්‍ය.බව සොයා බැලීමටය. ඔහු කියන්නේ එවැන්නක් සිදු නොකල බවය. එසේ නම් එවැනි දෙයක් සිදු වන්නේ කෙසේද?. මේ සත්‍ය පිලිබඳව මාධ්‍ය ඔස්සේ නිවැරදි කිරීමක් කිරීමට අලී කැමති වුවද ඔහු කියන්නේ ජනාධිපතිවරණය අවසන් වන තුරු එය කල නොහැකි බවය..ඔහුගේ දේශපාලන සිහින වෙනුවෙන් ඔහු අපේ පැවැත්ම අනතුරකරට ලක්කර ඇත. මා බිය නොවුනද මාගේ පවුල හා අහිංසක දරුවන්ගේ අනාගතය පිළිබඳ බියක් මට ඇතිවෙමින් පවතී…මෙම බිය මේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කිසිදු පුරවැසියකු උගස් කල යුතු නැත..

මා, මගේ බිරිද හා විශේෂයෙන් මාහේ දරුවන්ගේ මානසිකතවය, ආරක්ෂාව හා අනාගතය අනතුරකට ලක් කරමින් මේ කරනු.ලබන කුපාඩි දේශපාලනය හා මාධ්‍ය භාවිතය අවසන් කල යුතුය..

ජනතාවගේ පාලනයෙන් බලයට එන අයගේ ආරක්ෂාව පතා අහිංසක සාමන්‍ය ජනතාවගේ මානසිකතවය, ආරක්ෂාව හා අනාගතය අනතුරකට ලක්කිරීමට මා කල යුත්තේ කුමක්ද?

ඔබේ උපදෙස් පතමි..

බොදු බල සේනාව සාධාරණ හේතු මත මෙම මැතිවරණයේදී ස්වාධීනව කටයුතු කරන අතර එය සිංහල බෞද්ධයාගේ එකමුතුවට හා දියුණුවට ඉවහල් වන බව අපගේ මතයයි..
දේශපාලකයින්ගේ හා පක්ෂ වල වහලුන් නොවී බුද්ධිමත්ව කරුනු විමසා අනාගත ජයග්‍රහණ ගැන සිතා අපේ හිතවතුන් චන්දය ප්‍රකාශ කරනු යන්න අපේ අපේක්ෂාවයි

මේ ජරා දේශපාලනය හා මාධ්‍ය භාවිතය ගැන මට ඇති අත්දැකීම් ගැන ජනතාව දැනුවත් කිරීමට මට කාලය පැමිණ ඇත..“

Related posts

චම්පික නංගි පෙන්වා අක්ක දීලා.. මිලියන 169ක වංචාවක් ! මරික්කාර්ගෙන් ජනපතිට පැමිණිලි

colombotoday

මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාට පාලක පක්ෂයේම මන්ත්‍රිවරයෙකුගෙන් ප්‍රහාරයක්

colombotoday

මෛත්‍රී – මහින්ද වට්ටන්න රනිල්ගෙන් රහසිගත මෙහෙයුමක් !

colombotoday

සැරයන්වරයකු හෙරොයින් සමඟ මාට්ටු

Admin

ට්‍රැමඩොල් පෙති හයදහසක් සමග ජාඇලදී අයෙක් අත්අඩංගුවට…

colombotoday

ආඩම්බරකාර ලෙස ජිවත් වෙන්න නොදෙන්නේනම් වැලලෙන්නවත් ඉඩ දෙන්න – මුස්ලිම් ආදාහන වෙනුවෙන් මෙවර ජවිපෙ බිමල් රත්නායක

colombotoday