Colombo Today Local News

අර්ජුන් මහෙන්ද්‍රන්ගේ තවත් ජිල්මාට් එකක් මාට්ටුයි… ආයෝජන මණ්ඩල සභාපතිකම දැරූ සමයේ පරීක්ෂාවකින් තොරව කන්ටේනර් තොගයක් කොටි අඩවියට යැවීමට අවසර දීලා…

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය දැරූ සමයේ කිසිදු බදු ගෙවීමකින් සහ පරීක්‍ෂාවකින් තොරව කන්ටේනර් රැුසක් වන්නියේ කොටි අඩවියට ගෙන ගොස් ඇත.

මේ බවට තොරතුරු වන්නි මෙහෙයුම අවසන් වීමෙන් පසු හෙළිවුවත් ඊට අදාළ පරීක්‍ෂණ යටපත් වී තිබේ.

නෝර්වේ රජය විසින් ලබාදුන් ගුවන්විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ඇතුළත් කන්ටේනරයටද බදු ගෙවා නැති බව රේගුව සොයාගෙන තිබුණි.

මේ කන්ටේනරයද වන්නියට ගෙන ගොස්‌ ඇත්තේ කිසිම හමුදා විමර්ශනයකින් තොරවය.

කොටි සංවිධානයට වාසිදායක ලෙස අර්ජුන මහේන්ද්‍රන්ගේ පියා වූ හිටපු තානාපති චාලි මහේන්ද්‍රන් කළ ප්‍රකාශයක්‌ ගැන වසර කිහිපයකට පෙර අනාවරණය විය.

Related posts

සීමාවන්ට යටත්ව 01 වැනිදා රට විවෘත කිරීමේ සුදානමක්

colombotoday

ගුවන් තොටුපොළේ අක්‍රමිකතා කළොත් දඩය ලක්ෂයයි – ඇමති නිමල් සිරිපාල

Admin

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවේ

colombotoday

කැබිනට් ඇමතිකමක් ගැනීමට සුදුසුකම හොරෙක් වීමයි… මටත් දැන් හොරෙක්, දූෂිතයෙක් වෙන්න හිතෙනවා

colombotoday

2022 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රු.බිලියන 6.3ක ලාභයක්

Admin

ජනාධිපතිගේ ප‍්‍රකාශ සිල්ලරයි – මහාචාර්ය සරත් විජේසූරිය

colombotoday