Colombo Today Local News

අපේ වැඩි උනන්දුව සජිත්ට සහය දක්වන්නයි – රවුෆ් හකීම් කියයි

ඉදිරි ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇති බවට සිතන බවට ඔහුට සහාය දැක්වීමට වැඩි උනන්දුවක් තිබෙන බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවැසීය.

ඊයේ (17දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“අපේක්ෂකයෝ ගැන තමයි අපේ අවධානය යොමුවෙලා තිබෙන්නේ. ජනප්‍රිය අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වෙයි කියා හිතනවා.

තාම ඒ පිළිබඳව අන්තිම තීරණයක් ලැබුන්නැති පාටයි. එන සතියේදී මේ ගැන තීරණයක් ලැබේවි කියා බලාපොරොත්තුවෙනවා. ඊට පස්සේ තමයි අපේ තීරණය ගන්නේ.

අපි ගන්න තීරණය සෙසු පක්ෂත් සමග එකතුවෙලා ගන්නේ. සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලැබෙයි කියලා හිතනවා. ඔහුට සහාය දැක්වීමට වැඩි උනන්දුවක් තිබෙනවා.”

Related posts

ජනපති කොළඹ වරාය නගරයේ නම වෙනස් කරයි

Admin

සනත් නිශාන්තට ඇප

colombotoday

TNA ක්‍රියාකාරීන් ඥානසාර හිමිගේ රුව ගිනි තබයි

colombotoday

ජනපති දුන් දේශමාන්‍ය සම්මානය ආපසු හරවා එවයි…

colombotoday

කොස්ගොඩ සුජීගේ ගෝලයෝ සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් ! දකුණේ පාතාලය සුන් කරන්න උපදෙස්

colombotoday

අයවැය පරදවා අලුත් ආණ්ඩුවක් නොවැම්බරයේදී. එජාපයේ ප්‍රබලයෙක් සමග මන්ත්‍රීවරු පිරිසක් එකා බද්ධ විපක්ෂයට ?

colombotoday