Colombo Today Local News

අපි ඉල්ලන් කෑවා…

එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීන්ගේ අදහස්වලට සවන් නොදීමෙන් ආණ්ඩුව ඉල්ලන් කාගෙන, අනාගත්තේ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.

සිරිකොතදී අද (18දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පෙන්වා දුන්නේය.

වසර 03ක කාලයක් තුළ ආණ්ඩුව මගින් සිදුකළ සංවර්ධනය ‘මාර්කට්’ නොකිරීම හේතුවෙන් මේ වන විට හොරුන් වීරයන් බවට පත්වී, වීරයන් හොරුන් බවට පත්ව ඇති බවත්, විශේෂ අධිකරණයක් ස්ථාපිත කළ යුතුව තිබුණේ ආණ්ඩුව ස්ථාපිත කළ මුල් කාලයේ වන බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

තමන් ඇතුළු පසුපෙල මන්ත්‍රීවරුන් ඒවා පෙරදී පෙන්වා දුන් බවත්, එහෙත් ඒවා ක්‍රියාත්මක නොකිරීම හේතුවන් ආණ්ඩුව ඉල්ලන් කාගත් බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් – ජනපති

colombotoday

අජිත් ප්‍රසන්න වහා නිදහස් කරන්නැයි රණවිරුවෝ වීදි බසිති.

colombotoday

මෙවර ශිෂ්‍යත්වයෙන් දරුවන් පස් දෙනෙක් වැඩිම ලකුණු ගනී

Admin

ඉන්ධන මෙට්‍රික් ටොන් 7000 ක් දිවයින පුරා අද බෙදාහැරීමට සැලසුම්..

colombotoday

චන්ද්‍රිකා සහ පක්ෂ 32ක් සජිත් සමග සන්ධානගත වෙයි !

colombotoday

හෙරොයින් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday