World

අතුරු අයවැය පරාදයි.. ඇමරිකා රජය අක්‍රීය වෙයි.. ට්‍රම්ප් අමාරුවේ..

ඇමෙරිකානු සෙනට් මණ්ඩලය විසින් ඇමෙරිකානු රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය අනුමත නොකිරීම හේතුවෙන් එරට රජය තාක්ෂණික වශයෙන් අක්‍රීය තත්ත්වයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

රිපබ්ලිකන් පක්ෂය ඇමෙරිකාවේ පාලක පක්ෂයට පත්වීමෙන් පසුව එරට රජය තාක්ෂණික වශයෙන් අක්‍රීය තත්ත්වයට පත්වූ පළමු අවස්ථාව ලෙසත් මෙය ඉතිහාසයට එක්වෙයි.

පාලක පක්ෂය රජය අක්‍රීය වීමේ වගකීම මේ වන විට ඩිමොක්‍රොටික් පක්ෂයට බැර කරමින් තිබේ.

ලබන මස දක්වා වන අතුරු අයවැය කොංග්‍රසය විසින් 230-197ක් ලෙස ජයග්‍රහණය කළත් සෙනට් සභාව විසින් එය 50-49ක් ලෙස පරාජයට පත්කර ඇත. අවසන් වරට 2013 වසරේදී ඇමෙරිකානු රජය අක්‍රීය වී ඇති අතර එය දින 16ක් පුරා පැවැතී අත.

Related posts

ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

Admin

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ භූකම්පනයක්

Admin

ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වා දීමට ඉන්දියාව සැලසුම් කරයි

colombotoday

ට්‍රම්ප්ට නියමිත දිනට පෙර ධුරයෙන් ඉවත් වන්නැයි දැඩි ඉල්ලීම්

colombotoday

100,000 ඉක්මවන අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින්

colombotoday

ඉන්දියාව දින 40 කට පසු සීමා ලිහිල් කරයි

colombotoday