Colombo Today Local News

විදුහල්පතිනිය ලවා වන්දවාගත් මහ ඇමතිට එරෙහිව ගුරු සංගම් සටනට

බදුල්ලේ දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහලපතිනිය දණ ගැස්වූ  හා තර්ජනය කළ ඌව පලාත් ප්‍රධාන අමාත්‍යවරයාව කාන්තා හිංසන චෝදනා යටතේ වහා අත් අඩංගුවට නොගතහොත් ගුරුවරු සහ විදුහල්පතිවරු වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීම⁣ට සුදානම් බව ලංකා ගුරු සංගමය පවසයි.

තර්ජනය කිරීමෙන් නොනැවතී පසුව බිය ගන්වා ඇය ලවා  අසත්‍ය ප්‍රකාශයක් බලෙන් ලබාගැනීම පිළිබඳවද මහඇමතිවරයාට එරෙහිව පියවර ගත යුතුයැයි ලංකා ගුරුසංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කියා සිටී.

මේ අතර ඇගෙන් අසත්‍ය ප්‍රකාශයක් බලෙන් ලබා ගැනීමට හවුල් වූ බව කියන ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකාව, පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාවට එරෙහිවද වහා විනය පියවර ගන්නැයි ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යැවූබව ද⁣ ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කලේය.

මෙම නිලධාරින් සම්බන්ධයෙන් අමාත්‍යංශය ගන්නා පියවර පිළිබඳ විමසිල්ලෙන් සිටින බව ද ලේකම්වරයා තවදුරටත් පැවැසීය.

Related posts

ලොව වේගවත්ම මිනිසාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

නව අගමැතිවරයෙක් පත් කිරීමේ සූදානමක්… නම් දෙකක් යෝජනා වෙයි…

colombotoday

වංගු දමා පරීක්ෂණ සමත් කරවයි… බාල ඉන්ධන තොගය ගොඩබෑමට සූදානම් !!

colombotoday

කෝටි දෙකකට අධික බීඩි කොළ ඉලන්තඩිය වෙරළේදී අල්ලයි

Admin

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරන යන බුද්ධ ප්‍රතිමා ආකෘතියක් ගිනි තැබීමේ සිද්ධියේ ඇත්ත කතාව

colombotoday

අගමැතිගේ නොමේරූ අවලාදවලට දෙරණෙ චතුරගෙන් ගාම්භීර පිළිතුරක්

colombotoday