Colombo Today Local News

අතුරුදන් ලයිස්තුවේ සිටි හිටපු කොටි ප්‍රබලයා ස්විස්ටර්ලන්තයේදී මිය යයි

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල නායකයකු යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන්ගේ නාම ලේඛනයේ සිටින බවට තොරතුරු හෙළි වී තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ චාවකච්චෙරි පළාතේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කොට ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත් නොවූ ගුණාලන් මාස්ටර් නමින් හැඳින්වූ එස්. ජෙයමූර්ති ස්විට්සර්ලන්තයට පැනගොස් සිටියදී 30දා අලුයම හෘදයාබාධයකින් මියයෑමෙන් පසුව මේ තොරතුරු අනාවරණය වී තිබේ.

ඔහුගේ උපන් ගමද යාපනය වන අතර 1983 වර්ෂයේ සිට 1998 වර්ෂය දක්වාම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ විවිධ තනතුරු දරා තිබේ.

ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැතිව තිබූ අතර යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන්ගේ නාම ලේඛනයේ මේ ගුණාලන් මාස්ටර්ද සිටින බවට තොරතුරු හෙළි වෙයි.

ඔහු කෙසේ හෝ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතහැර 1999 වර්ෂයේදී විදේශ ගතවී තිබේ. රටවල් කිහිපයක රැඳී සිටීමෙන් පසුව ඔහු අවසානයේදී ස්විට්සර්ලන්තයේ ජීවත්ව ඇත්තේ ඔහුගේ දරු පවුල සමඟය.

Related posts

ලබන වසරේ සිට10 ශ්‍රේණියේ දරුවන්ට අලුත් විෂයක්

Admin

“රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙනවා” – ජනපති කියයි

colombotoday

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගන්න නව කමිටුවක්

Admin

ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට දේශපාලන බලපැම් – නිතිඥ අනුෂ්කා දර්ශනි තිලකරත්න

colombotoday

උතුරට සිංහලයන් එපා.. පදිංචිකිරීම්වලට මා තරයේ විරුද්ධයි – විග්නේෂ්වරන් කෝප වෙයි

colombotoday

ප්‍රගීත් එක්නැලිගොඩ මරා දැමූ බවට හෝ මැරුණු බවට සාක්‍ෂි නෑ – හෝමාගම මහේස්ත්‍රාත්

colombotoday