Colombo Today Local News

අතුරුදන්වූවන්ගේ කාර්යල නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇමති දහයක අනුකමිටුවක්…

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ නායකත්වයෙන් යුත් අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලය (OMP) විසින් රජයට ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම භාර දස පුද්ගල ඇමැති අනු කමිටුව ප්‍රකාශයට පත් කර තිබේ.

විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ගේ නායකත්වයෙන් යුත් එම කමිටුවට සරත් අමුණුගම, රවුෆ් හකීම්, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, පී.පලනි දිගම්බරම්, මනෝ ගනේෂන් සහ මහින්ද සමරසිංහ යන ඇමැතිවරුන් සහ තලතා අතුකෝරළ ඇමතිවරිය ඇතුලත් බව රජය පවසයි.

කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කිරීමට යෝජනා කොට ඇත්තේ ජාතික සමගිය හා සහජිවනය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාය.

එම අනු කමිටුවට සහාය වීම සඳහා තවත් සහායක කමිටුවක් පත් කර ඇත.

“එමෙන්ම ජාතික සමගිය හා සහජිවනය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුකමිටුවේ කැඳවුම්කරු ලෙස පත් කිරීම සදහා යෝජනා කර ඇති අතර මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ යෝජනා ක්‍රියාත්මක කිරිමට ඉදිරි වසර 03 (2019-2021)කාලය සඳහා ජාතික අයවැය මගීන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරිමටත් යෝජනා වීය,” යි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන කියා සිටී.

හය මාසයක් තොරතුරු එක්රැස් කිරීමෙන් අනතුරුව OMP නිර්දේශ ජනාධිපතිවරයා වෙත භාර දෙන ලද්දේ  අගෝස්තු 5 දා ය.

Related posts

මහින්දගේ අලුත් පක්ෂයේ පළමු මාධ්‍ය නිවේදනය නිකුත් වෙයි.. සංවේදී පුවතකින් මාධ්‍ය සටන අරඹයි

colombotoday

බන්ධනාගාර ප්‍රධානීන් 11කට ස්ථාන මාරුවීම්

colombotoday

කතක් නිවස තුළ මරා දාලා…

Admin

සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නවා – අගමැති කියයි

colombotoday

වෙල්ගම පොහොට්ටුවේ සංවිධායක දුරයෙන් ඉවතට

colombotoday

රනිල් ඉවත් කර අලුත් අගමැතිවරයෙක්.. එජාපයේ 43ක් මෛත්‍රීගේ සහයට !!

colombotoday