Colombo Today Local News

හෙට සිට සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා අරඹන්න අනුමැතිය

සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා හෙට(08)දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අනුමැතිය දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ අතර හෙට සිට බස්නාහිර පළාත තුළ මංතීරූ නීතිය යළි ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සැලසුම් කළ පරිදි ලංගම සතු සියලු බස් රථ හෙට සිට ධාවනයේ යෙදවීමට පියවර ගෙන තිබේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට සිට, සියලුම කාර්යාල දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කිරීමට නියමිත බවයි.‍

ඒ අතර හෙට සිට බස් රථ ධාවනයට යෙදවීමේදී තමන් ගැටලු කිහිපයකට මුහුණ පා ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් පවසයි.

කෙසේ වෙතත් සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අනුමැතිය දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පස්වරුවේ ප්‍රකාශ කළේය.

ඒ අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෙට සිට සෞඛ්‍යාරක්ෂිතව සේවා කටයුතු ආරම්භ කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

Related posts

සුබසාධක ගන්න බොරු තොරතුරු දුන්නොත් නඩු

Admin

චක්‍රලේඛ වලට පටහැනිව පාසල් තුළ මුදල් එකතුකළොත් වැඩ වරදී…

colombotoday

දර්ගා නගරයේ රු 5000ක් සමග පුද්ගලයන් දහසකගේ පාස්පෝර්ට් එකතුකරයි – සිරියාවට යැවීමටදැයි සැකයක්

colombotoday

ආසියානු ක්‍රිකට් කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම්..!

colombotoday

අක්කරපත්තුව අධිකරණ ලේඛනාගාරය ගිනි ගනී

Admin

මත් ජාවාරම්කාරියගේ කෝටියක මුදල් කොල්ල කන්න ගිය හොරු අල්ලයි

Admin