Colombo Today Local News

මත් ජාවාරම්කාරියගේ කෝටියක මුදල් කොල්ල කන්න ගිය හොරු අල්ලයි

නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ ගෝලයකු බව කියන කාන්තාවක හෙරොයින් සහ රුපියල් කෝටියකට ආසන්න මුදලක් ත්‍රිරෝද රථයකින් රැගෙන යන අවස්ථාවේ එම මුදල් කොල්ලකෑමට සැරසුණු සැකකරුවන් සිවුදෙනකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ කාන්තාව ඇතුළු හත්දෙනකු සෙල්ලම් පිස්තෝලයක් සමග සේදවත්ත නව කැලණි ගුවන්පාලම අසලදී අත්අඩංගුවට ගත්බව ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානය සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26ත් 43 අතර වයසේ පසුවන කල්එළිය, වැල්ලම්පිටිය, උස්වැටකෙයියාව, කොළඹ 14, සහ රත්මලාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි විශේෂ අවි හා උපක්‍රම සංග්‍රාමික යතුරුපැදි පිළිබද අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ආර්.පී.කේ.ඩී රත්නවීර මහතාගේ මග පෙන්වීම මත විශේෂ ආරක්ෂක සැලැස්මේ D කලාප කණ්ඩායමේ පොලිස් පරික්ෂක ඒම්.ඩි.ටි. මඩපාත ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර ඇත.

Related posts

පාර්ලිමේන්තුවේ උගතුන් 50ක්වත් හිටියානම් මේ රට හැදිය හැකියි – ජනපති

colombotoday

හෝමාගම වෙඩි තැබීමක් – අයෙක් මරුට

Admin

මධ්‍යම ආණ්ඩුකාරී මහ පන්සලේදී පරළ වෙයි.. ‘ගයින් ගහල එලවනවා‘ එජාප ඇමතිගේ මූණටම බැණවදී

colombotoday

ගුරු-විදුහල්පතිවරුන් හෙට වැඩවර්ජනයක

colombotoday

යහපාලකයෝ වකුගඩු රෝගීන්ට වහ කවයි! වකුගඩු රෝග නිවාරණයත් කෘෂි රසායන සමාගම් අතට !!

colombotoday

ජනපතිට දෝෂාභියෝගයක් ! හදිසි තත්වයකට සූදානමින්.. පොලීසිය සීරුවෙන්

colombotoday