Colombo Today Local News

හිජාස් හිස්බුල්ලාගේ සංවිධානයකට ත්‍රස්ත කටයුතුවලට අරමුදල සපයන ආයතනයකින් අරමුදල් සපයලා – CIDය අධිකරණයට දන්වයි

දැනට අත්අඩංගුවේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට අයත් Save the Pearls නම් සංවිධානය ට අයත් ගොඩනැගිල්ලක් සඳහා, ත්‍රස්ත කටයුතුවලට අරමුදල සපයන ආයතනයක් ලෙස සැකකෙරෙන කටාර්හි ආයතනයක් විසින් මුදල් සපයා ඇතිබව පරීක්ෂණ වලින් හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ Save the Pearls නම් සංවිධානයේ ගිණුමකට රුපියල් මිලියන 13ක මුදලක් එම කටාර් ආයතනය මගින් බැර කර ඇති බවය.

එම කටාර් ආයතනය විවිධ ත්‍රස්ත කණ්ඩායම් සඳහා අරමුදල් සපයන තහනම් ආයතනයක් බවටත් හඳුනාගෙන තිබේ.

එබැවින් එම කටාර් ආයතනය පිළිබඳ ව තවත් පරීක්ෂණ පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

Related posts

තිළිණි ප්‍රියමාලි කුලී නිවසේ ලයිට් බිලටත් පොලු තියලා

Admin

සජිත් ලැබුවේ පරාජයක් නෙවෙයි, ලක්ෂ 14ක අන්ත පරාජයක්…

colombotoday

පාගමනේ ගිය පිරිස ශ්‍රීලනිප අම්මාගෙ මූණට කෙළ ගැසුවා – ශ්‍රීලනිප මහ ලේකම්

colombotoday

ඩිෆෙන්ඩර් නඩුවට ගිය හිරුණිකාට ඇප.. විමල්ගේ අයියා යළි රිමාන්ඩ්

colombotoday

ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය නැතිවුණා…

colombotoday

අටුලුගම දැරිය ඝාතනය : සැකකරු රිමාන්ඩ්

colombotoday