Colombo Today Local News

සැමියා සමග උරණ වී දූවරු සිව්දෙනාටත් වස පොවයි

පවුල් ආරවුලක් මත සිත්තැවුලට පත් බිරිදක් අද (06)දින දියණියන් සිව් දෙනාට වස පොවා බිරිදද වස පානය කර ඇති අතර රෝහල්ගත කිරිමෙන් පසු වැඩිමහල් දියණිය මියගිය බව උප්පුවේලි පොලිසිය පවසයි.

මෙම පවුල කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි අයවන අතර ස්වාමි පුරුෂයා ත්‍රිකුණාමලය ආනන්දපුරි පදිංචිකරුවෙකු වේ. විවාහ වි කිලිනොච්චි ස්ථීර පදිංචිව ඇති ස්වාමි පුරුෂයා උප්පුවේලි පොලිස් වසමට අයත් ආනන්දපුරි ප්‍රදේශයේ කොවිලක ආවතේවකරුවෙකු වශයෙන් සේවය කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.

කෝවිලක් ඉදිකර එම කෝවිලේ ආගමික කටයුතු සදහා ආනන්දපුරි ප්‍රදේශයේ රැදිසිටිමට ස්වාමිපුරුෂයා ගත් තීරණය සම්බන්ධයෙන් බිරිද දරුවන් සමග පැමිණ ඒ ගැන විමසා දෙදෙනා අතර බහින් බස්විමක් සිදුවි ඇති බව මුලික පොලිස් පරික්ෂණ වලින් අනාවරණය වි තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ එන්.විදුෂිකා නැමැති (16) හැවරිදි දැරියයි. වස පානය කල දැරියන්ගේ මව වන නිශාන්තන් නාගේෂ්වරි (31) සහ වස පෙව් සෙසු දියණියන් වන එන්.වයිස්වරි (12) එන්.අයිස්වරි (08) එන්.කදිරියා (02) යන අය අසාධ්‍ය තත්වයෙන් ත්‍රිකුණාමලය මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. සිද්ධිය සම්බන්ධයෙන් උප්පුවේලි පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Related posts

වැට් බදු පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය 10 ඉරිදා

Admin

පාලිත තෙවරප්පෙරුම මැතිවරණ පනත උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක

colombotoday

ආසිරි රෝහල් සමූහයේ පෙරහුරු ඡන්දයක්… 72% ප්‍රතිශතයකින් ගෝඨාභයට විශිෂ්ඨ ජයක් !

colombotoday

ඌරන්ට ඇද තිබු විදුලි රැහනක පැටලී දෙදෙනෙකු මරුට

colombotoday

ඉල්ලා අස්වෙන්න රවීගෙන් කොන්දේසි 05 ක් !

colombotoday

“ඉන්ධන අර්බුදයට තනිව මුහුණ දෙන්න CEYPETCO එකට බෑ”

colombotoday