Colombo Today Local News

සාපරාධී අපහාසයක්, සශී වීරවංශගෙන් රන්ජන්ට නඩු…

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව මාධ්‍ය සාකච්ජාවක් පවත්වා අසත්‍ය හා අපහාසාත්මක කරුණු ප්‍රසිද්ධ කළ බවට රුපියල් මිලියන දෙසිය පනහක වන්දියක් ඉල්ලා රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට එරෙහිව ඇය නුගේගොඩ දිසා විනිසුරු නිල්මිණි ෆර්ඩිනැන්ඩස් මහත්මිය ඉදිරියේ නඩු පවරා ඇත.

ඇයගේ පුත්‍රයාගේ මිතුරකු වන තරුණයකු සිය නිවසේදී මිය යෑම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි මෙම නඩු පැවරීම කර තිබෙන්නේ.

අපහාසයට රුපියල් මිලියන දෙසිය පනහක් හා ඊට සරිලන පොලිය ද, අධිකරණයට සෑහීමකට පත් වන වෙනත් දිමනා ද ලබා දෙන ලෙස ශෂී වීරවංශ මහත්මිය රන්ජන් රාමනායක මහතාගෙන් මෙම නඩු පැවරීම තුළින් ඉල්ලා ඇත.

Related posts

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් අද පිහිටුවයි

Admin

මන්නාරමේ සුරුවම්වලට ගල් ප්‍රහාර

colombotoday

ඌව මහ ඇමති ඉල්ලා අස්නොවෙයි.. අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

colombotoday

යාපනය, අරියාලේ පොලිස් මුරපලකට ගිනි…

colombotoday

වැලන්ටයින් දවසේ එළියට ආ මෛත්‍රී-ජයන්ති ආදර අන්දරය…

colombotoday

කැබ් රථයක් බසයක ගැටී 5ක් රෝහලේ..

Admin