Colombo Today Local News

ස්විස් තානාපති සේවිකාවගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි – අධිකරණ වෛද්‍ය නිලධාරී වෙතත් යොමු කෙරේ

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන සේවිකාවගෙන් ඊයේ (08දා) පැය 4ක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගෙන තිබේ.

එසේම ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකර සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද පරීක්ෂා කර තිබේ.

මේ අතර එම සිදුවීම සම්බන්ධයෙන් ඇයගෙන් තවත් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති අතර බොහෝ විට එම ප්‍රකාශය අද දිනයේදී ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

එම ප්‍රකාශය අද දිනයේදී ලබාගන්නේද යන්න පිළිබඳව වන තීරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා විසින් ලබාගැනීමට නියමිතව තිබේ.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හදුනා ගනී

colombotoday

දහම් පාසැල් අදියර දෙකක් යටතේ යළි විවෘත කිරීමට අවසර

colombotoday

නරක් වූ පුවක් තොගයක් යවලා… සනත් ජයසූරියට මුම්බායි අධිකරණයෙන් වරෙන්තු

colombotoday

කටුනායක ගුවන්තොටේ මූණ හෝදන බේසමෙන්, කකුල් හෝදන ඉන්දියානුවෙක් !

colombotoday

විජයකලා මහේෂ්වරන්ට සිතාසි

colombotoday

අනුරාධපුරේ මැති ඇමති නිවෙස් ගිනිතැබූ අරගලකරුවන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

colombotoday