Colombo Today Local News

සහරාන් නොදන්නා බව හකීම් කියන්නේ පට්ටපල් බොරුවක්, සහරාන් වැඩකළෙත් මුස්ලිම් කොංග්‍රසයටයි !

මාධ්‍යට හෙළි කළ වීඩියෝ පටයේ සිටි පුද්ගලයා සහරාන් හෂීම් බවට තමන් දැන නොසිටියේ යැයි රවුෆ් හකීම් අමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යක් බව මුස්ලිම් ප්‍රජාව චෝදනා කරයි. 

ඊයේ(21) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළ වුණි.

එහිදී අදහස් දක්වමින් රිෂාම් මරූෆ් මහතා මේ බව පැවසීය.

“2015 මැතිවරණයට කලින් ගිවිසුමක් ගහගන්නවා. හිස්බුල්ලාට එරෙහිව වැඩ කරන්න. රවුෆ් හකීම්ගේ නියෝජිතයො දෙන්නෙක් යවනවා සහරාන් එක්ක. සහරාන් කියන්නේ කවුද කියලා හැමෝම දන්නවා. සහරාන් කියන්නේ ප්‍රබලයෙක්. ප්‍රබලයෙක් හින්දා තමයි හකීම් එතනට ගියේ.

මුස්ලිම් කොංග්‍රසයට තමයි සහරාලා  වැඩකළේ. මාධ්‍ය හමුවෙදි කියනවා සහරාන් නොදන්නා බව කිව්වා‍. NTG එකේ සහාරන් නැතුව ෂාරුක්ඛාන් ඉන්නද? පැහැදිලිවම 2015දී සහරාන් වැඩකළේ මුස්ලිම් කොංග්‍රසයට.“

Related posts

අගමැති ඉවත් වෙන්නෑ.. නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියටම යනවා – ලාල් විජේනායක

colombotoday

සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් ?

colombotoday

පොදු ප්‍රවාහන භාවිතයට අදාළව නිරෝධායන නියෝගයක්

colombotoday

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

colombotoday

මිල්කෝ සේවකයන් 13ක් අත්අඩංගුවට

Admin

අර්බුදය විසදන්න මහින්දට යන්නේ විනාඩි 05 යි

colombotoday